Thursday, December 31, 2015

කොල්ලො වද කරන ලිංගික ඉරියව්


ලිංගික සංසර්ගයේදී විවිධ ඉරියව් අත්හදා බලන්නට සිදුවෙනවා. තම හිතු මතේට අනුදැනුමකින් තොරව වැරදි ඉරියව් අනුගමනය කරමින් ලිංගික සංසර්ගයේ යෙදීම විවිධ ගැටළු රාශියකට හේතුවක් වෙනවා.
මෙහි වැඩි බලපෑම ඇත්තේ පිරිමින්ටයි. පිරිමින්ගේ ලිංගේන්ද්‍රියටමේ වැරදි ඉරියවු නිසා හානි සිදුවෙනවා.එසේ හානි වීම නිසා ඔවුන් වද භාවයට වුවත් පත් වීමේ අවධානමක් ඇති බව සොයාගෙන තිබෙනවා.

මෙවැනි විවිධ ලිංගික ඉරියවු අතරින් ඉතා හානි කර ලිංගික ඉරියව්ව ලෙස විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ සහකාරිය පිරිමියා මත හිදින අයුරින් සංසර්ගයේ යෙදීමයි.මෙවැනිම අනෙක් ඉරියව්ව වන්නේ කාන්තාව ඇත සහ දෙපා මත හිදිමින් සංසර්ගයේ යෙදීමයි.
මේ ඉරියවු නිසා සහකරුගේ ශිශ්නයට හානි වීම ඉතා සුලබ බව ඔවුන් කියා සිටිනවා. ශිෂ්නය මත සහකාරියගේ බර සම්පුර්ණයෙන් දීම හෝ අනවශ්‍ය වේදනා ඇති කරවන චලන සිදුකිරීමෙන් එයට වන හානිය සැත්කමකින් කෙලවර වන අවස්ථාද ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. මේ නිසා ලිංගික සංසර්ගයේ යෙදීමේදී ශිෂ්ණයේ යම් වේදනාවක් ඇති වන්නේ නම් වහාම එය නැවැත්විය යුතුයි.

ඔබේ තොල් කළු වෙලාද? පහසුවෙන්ම දීප්තිමත් කරගන්නේ මෙහෙමයි..

සමහර පුද්ගලයන්ගේ තොල් අඳුරු හෝ කළු පැහැයට හැරිල තියනව දැකගන්න පුළුවන්. ඔබගේ තොල් එසේ වී ඇත්නම් ඔබ තවත් කණගාටු නොවිය යුතුයි. මෙම තත්වය අසාමාන්‍ය තත්වයක් නොවේ. මෙම ලිපියෙන් ඔබට එම තත්වය නැතිතර ගැනීමට නිවසේදීම සිදුකල හැකි ක‍්‍රම කිහිපයක් ගැන දැනගන්න පුළුවන්. එසේනම්, තොල් වල වර්ණය අදුරු වන්නේ ඇයි? මෙම තත්වය හට ගැනීමට බලපාන්නේ නිසිලෙස සැලකිල්ලක් නොමැති වීම සහ සෞඛ්‍යයට අහිතකරවන ජිවන රටා අනුගමනය කිරීමයි. දෙතොල් වල ස්වාභාවික වර්ණය සගවා අඳුරු හෝ කළු පැහැයට හරවන එවන් හේතු කිහිපයක් තියනවා. එම තත්වයන් මග හරවා ගැනීමට පහත සදහන පියවරයන් අනුගමනය කරන්න පුළුවන්. 1. දුම් පානයට තිත තබන්න. ඔබ නොකඩවා දුම්පානය සිදුකරද්දී ඔබගේ දෙතොල් අඳුරු පැහැයට නොනවත්වා හැරේවි. එපමනක් නොව දුම් පානය පිළිකා සහ වෙනත් ආබාධ ඇති කරයි. එම නිසා දුම් පානයෙන් වලකින්න. 2. අඩුවෙන් කෝපි පානය කරන්න. ඔබ කෝපි වැඩියෙන් පානය කිරීමෙන් ඔබගේ තොල් අඳුරු පැහැයට හරවයි. මෙම තත්වය මග හරවා ගනිමට කෝපි පානය සිමා කරන්න. 3. හිරු එළියට නිරාවරණය වීම අවම කරන්න. ඔබ හිරු එළියට අධිකව නිරාවරණය වීමෙන් මෙම තත්වය ඇතිවේ. එම නිසා හිරු එලියට අධිකව නිරාවරණය නොවන්න. 4. ඔබගේ තොල් සායම් පරික්ෂා කරන්න. ඔබ ඔබගේ තොල් සායම් අඩුවෙන් පාවිච්චි කරන්න. තොල් සායම් මිලදී ගැනීමේදී පිළිගත් නිෂ්පාදිතයක් මිලදී ගන්න. ඔබ දිවා කාලයෙදී පිටතට යනවානම් පාර ජම්බුල කිරණ වලින් ආරක්ෂා වන නිස්පාදිත පාවිච්චි කරන්න. 5. දෙතොල් වල මැරුණු ෙසෙල ඉවත් කරන්න. ඔලිවි තෙල් බිංදු පහකට සිනි තේ හැන්දක් එක් කර මිශ‍්‍රණයක් සාදා තොල් වල අලේප කරන්න. ඉන්පසුව ඔබ පාවිච්චි කරන සම වියලීම නැවත්වීමට ගල්වන ආලේපය තොල්වන ආලේප කරන්න. අවම වශයෙන් සතියකට වතාවක් දෙතොල් වල මැරුණු ෙසෙල ඉවත් කරන්න. එමගින් රුධිර සංසරණය වැඩි දියුණු කරාවි. 6. වර්ණය ඇති කිරීම. කුඩා දත් බුරුසුවක් ගෙන එහි වැස්ලින් තවරා තොල් මෘදුව අතුල්ලන්න. මෙය දිනපතා සිදුකල හැකිය. 7. සෑම විටම පහසක් ලබා දෙන්න සෑම විටම ඔබගේ තොල් තෙත්ව තබා ගන්න. තොල් වල ස්වභාවික වර්ණය නැවත ලබා ගැනීමට දවස පුරාවටම ජලය වැඩි ප‍්‍රමාණයක් පානය කිරීම තුලින් තොල් වල තෙතමනය තබා ගත හැකිය. එම නිසා ජලය සැලකිය යුතු ප‍්‍රමාණයක් පානය කරන්න. කොමඩු, දොඩම්, ලෙමන් වැනි ජලය අන්තර්ගතය වැඩි පළතුරු ආහාරයට ගන්න. අපගේ ශරීරයේ ඇති අනෙත් ස්ථාන වලට වඩා තොල් සියුම් නිසා එහි තෙතමනය රදවා තබා ගත යුතුය. 8. ඔබගේ තොල් උරා බීම නවත්තන්න. තොල් වල ස්වාභාවික තත්වය රදවා තබා ගැනීමට තොල් සැපීම සහ උරා බිම නවතා දමන්න. 9. සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් පවත්වා ගන්න. විටමින් වල අඩුපාඩු නිසාවෙන් තොල් වල වර්ණ වෙනස්කම් සිදුවේ. විටමින් ක්‍ වැනි දෑ අඩංගු පළතුරු සහ එළවළු වැඩියෙන් ආහාරයට ගන්න. 10. ක්ලෝරීන් ජලය පානය නවතන්න. ක්ලෝරීන් අඩංගු ජලය පානයෙන්ද මෙම තත්වය හට ගනී. එම නිසා ක්ලෝරීන් අඩංගු ජලය පානය නොකරන්න. 11. ජානමය තත්ත්ව යම් පුද්ගලයන්ගේ තොල් උපතින්ම කළු පැහැයට හරි ඇත. එසේ සිදුවන්නේ ජානමය තත්ත්ව නිසායි. එම තත්වය නැතිකර ගැනීමට සැත්කම් සිදුකල යුතුය. තොල් වල කළු වර්ණය නැතිකර ගැනීමට ස්වාභාවික සත්කාර කිහිපයක් 1. ඔබ ආමන්ඞ් තෙල් නිදාගැනීමට පෙර තොල් මත ආලේප කිරීමෙන් තොල් වල දීප්තිමත් පැහැයක් ලබා ගත හැකිය. 2.ඔබට ලෙමන් සහ ආමන්ඞ් ඔයිල් කවලම් කර ආලේප කිරීමෙන් මෙම අරමුණ ඉටු කර ගත හැකිවේ. 3. පිපිඤ්ඤ යුෂ පානය කරන්න. 4. දෙහි යුෂ, මී පැණි හා ග්ලිසරින් කවලම් කර මිශ‍්‍රණයක් සාදා ආලේප කර රැුයක් පහව යනතුරු තබන්න.

මදුසමයේ පළ මු ලිංගික ඒක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු

මදුසමය නැතිනම් පළමු රාත්රිය යනු ලිංගිකව ඒක්වීමම පමණක් නොවේ. අනාගතයේ ජීවිතය ගෙන යන සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට ඇති හොදම වෙලාවයි. ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න. අතරින් පතර විහිලූ‍ද කරන්න.වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක් ඇත.


1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත

2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න.

3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි.



4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න.

5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.

 6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින් වේදනාව නොදැනීමට අරින්න.

7.විවිධ ඉරියව් වලින් ලිංගිකව ඒක්වන්න- ලොව සිටින හොදම පිරිමියා ඔබ බව පසක් වන්න හැකි සෑම ඉරියව්වකින්ම ඇය සුරාන්තයට ගෙන ඒන්න.

8. විවේක ගන්න- ඒක්වරක් සුරාන්තයට පත් වීමෙන් පසු විවේක ගන්න. නැවත සතුටු සාමිචියේ යෙදී ඒක්වරම නැවත ඇයට ඔඛේ ග්රණයට ගන්න

ලිංගික ශක්තිය වැඩිකර ගන්න මෙම ඖෂධ බාවිතා කරන්න



මිනිස් ප්‍රජාව තුල ජීවින් බිහිවීම සිදුවනු ලබන්නේ හුදෙක්ම ලිංගිකව එකතු වීමෙන් බව අප දන්නා කරුණකි මිනිස්  සංසර්ග පද්දතියේ පිරිමි ජීවියා මගින් පිට කරනු ලබන ශුක්‍රානු සහ ගැහැණු ජීවියා මගින් පිට කරනු ලබන ඩිම්බ කෝෂ නව ජිවියෙකුගේ බිහිවීමට හේතු සාදක වෙනවා. මෙහිදී ශුක්‍රානු හා ඩිම්බ කෝෂ වල එකතුව සංශේෂිත ඩිම්බයක් ලෙස
පරිවර්තනය වීමෙන් පසු එය ක්‍රමක් ක්‍රමයෙන් මව් කුස තුල වර්ධනය වීම නිසා අලුත් ජිවියෙකුගේ නව උපත දැකගත හැකිය.

කෙසේ වෙතත් මේ සදහා අපට බහුල වශයෙන් උදව් වන  අප එදිනෙදා ආහාරයට ගන්නා කොළ වර්ග හා ඇට වර්ග වල ඇති ඖෂධීය ගුණයන් ගැන සලකා බැලීම වැදගත් වේ. යම් ආකාරයකින් අප ගන්නා ආහාර වල ජීව බලය මැග්නීසියම්, අයන්, පොස්පරස්, ප්‍රොටැසියම් වැනි ශරීරයට අත්‍යවශ්‍ය ශක්ති කොටස් අඩුවී යෑම තුලින් සාර්ථක ප්‍රතිපල උදාකරගත නොහැකි වේ.

1. ඛෙසිල් (සුවදැති පැළෑටි වර්ගයක්‌) ඉතාමත් මනරම් සුවදකින් හා ශක්ති ජනක ශරීරයේ අත්‍යවශ්‍ය පටක වර්ධනයට ඉවහල් වන ශක්ති ජනක පානයක් ලෙස බාවිතා කල හැකි වේ.

2. ඇනිස් (අසමෝදගම්) ඉතාමත් සුවදක් හා රසවත් පැලෑටියක් වන අතර මෙය තේ නිෂ්පාදනයට යොදාගනු ලබනවා. මුළුතැන්ගෙයි බාවිතයේදී තෙල් නිෂ්පාදනයට යොදා ගන්නා අතර යුරෝපා රටවල ඛෙහෙත් වශයෙන්ද බාවිතයට ගනු ලබනවා. මැදපෙරදිග රටවල මෙය මද්‍යසාර නිෂ්පාදනයටද යොදාගනු ලබනවා.

3. ඇන්ජලිකා නමැති ශාක විශේෂය ආහාර දිරවීමේ ක්‍රියා පද්දතිය ඛෙහෙවින් උදවු වන අතර මෙය රසවත් පානයක් ලෙසද බාවිතාකර හැකිය. මෙම ශාක විශේෂය කේක් රසගැන්වීමටද බාවිතා කෙරේ. බහුල වශයෙන් ඖෂධ පැළෑටි ආහාරයට ගැනීම හා කැද වශයෙන් බිමට පුරුදුවිම තුලින් ශරීරයට අත්‍යවශ්‍ය විටමින් හා ඛණිජ නොඅඩුව ලැබීම මගින් ශරීර සෞඛ්‍ය මනා ලෙස පැවැත්වීමෙන් ලිංගික ආශ්‍රිත දුබලතාවයන් මගහරවා ගැනීමට උපකාරී වන අතර ජිවිතයේ උපරිම සතුට ලබාගැනීමට ඛෙහෙවින් උපකාරී 

මූණ පැහැපත් කරගැනීමට නිවැරදි ලිංගික ක‍්‍රියාවෙහි යෙදෙන හැටි මෙන්න...



අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් ප‍්‍රීතිමත් ස්වරූපයකට පත්වීමට එම දෙපළගේ මානසික හා කායික ඒකාග‍්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ.

විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා කායික සබඳතා ප‍්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත ගැටූම් අක‍්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මග
හැරි යයි.

එහෙයින් ඔවූන්ගේ කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප‍්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම වැදගත්ය.

සාමාන්‍යයෙන් අප පිළිගන්නා පරිදි යහමින් ව්‍යායාමවල හෝ කය වෙහෙසෙන කටයූතුවල යෙදීමෙන් මිනිස් ලිංගිකත්වය උසස් මටිටමකට පත් වේ. එලෙසින්ම යහපත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්ද ඔබේ මනසට ප‍්‍රබල ප‍්‍රබෝධයක් සේම කායිකවද නිරෝගි බවක් ලැබේ. කදිම රුධිර සංසරණය, නිරොගි හදවතක් ලැබීමටද එය වැදගත්ය. එහෙයින් අඹූසැමි දෙපළක් අතර ඇතිවන ප‍්‍රබල කායික බැඳීමක් ඔවූන්ගේ ජීවිතවලට යහපතක් ඉටූ කර දෙන කරුණූ 5 ක් කෙරෙහි අපි ඔබේ අවධානය යොමූ කරමූ.

හෘදය සවිමත්වීම
ලිංගිකත්වය පිළිබඳව වෛද්‍ය උපදේශකවරයෙකුවන ආචාර්ය බී හෝන්ස්ලේ පවසන පරිදි නිවැරදිව හා තෘප්තිමත් කායික සබඳතාවක් සැමවිටම සමාන වන්නේ ව්‍යායාමයක යෙදීමටය. උදාහරණයක් ලෙසින් වේගවත් ඇවිදීමකින් සිදුවන තරමේ හෘද ස්පන්දනය වේගවත් වීමක් එයින් සිදු වේ. එමගින් පෙනහලූ පූළුල් වීමක් සිදුවීමෙන් වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් ඒ තුළට පිරේ. එහි ප‍්‍රතිඵලය වන්නේ රුධිරයෙහි වූ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය අවම වී ඒ වෙනූවට ඔක්සිජන් එක්වීමය. එය ඔබේ සිත කය දෙකම සැහැල්ලූවට හා ප‍්‍රබල ක‍්‍රියාශීලි බවක් අත්කර දේ.

එහෙයින් සාර්ථක සැමියෙකු ප‍්‍රාර්ථනා කරන සෑම බිරිඳක විසින්ම තම සැමියාට ලිංගික සබඳකම් සඳහා තමාගේ දායකත්වය ලබාදීම වගකීමක්ව පවතී. බොහෝ කාර්යාලයන්හි මළානික ස්වරූපයට කෝපයට පත්වීම හෝ අලස ස්වරූපයකට බොහෝ පිරිමින් පත්වන්නේද මෙම අවශ්‍යතාව නිවැරදිව ඉටූ නොවීමෙනි. එහෙයින් ඔවූන්ට කාර්යාලිය හෝ පෞද්ගලික දිවියෙහි ජයග‍්‍රහණයන් ලැබීම අසීරු වේ. එයට අමතරව අඹූ සැමියන්ගේ කායික සබඳතා වඩාත් සූන්දර පසූබිමකට පත්වීම තුළින් තවත් ප‍්‍රතිලාභයක් ලැබීමට මගක්ද ආචාර්ය හෝන්ස්ලේ යෝජනා කර සිටී. ඒ ඔවූන්ගේ කායික සබඳතාව පැවැත්වෙද්දී ගැඹූරින් හූස්ම ගැනීමක්ද සිදු කිරීමය. එවිට එය ව්‍යායාමයක ස්වභාවය ගන්නා අතර හෘද නාල වෙතට රුධිරය ගලා ඒම වේගවත් වේ. එය රුධිරයෙහි වූ කොලොස්ටෝල් ප‍්‍රතිශතයෙන් සිදුවන හානි අවම කෙරේ. එය තවත් පැත්තකින් බිරිඳක ලෙසින් ඔබේ රූපය වර්ධනය කිරීමටද හේතු වේ.

ආලේපන ගැල්වීම වෙනූවට
තම සැමියා සමග බිරිඳක විසින් පවත්වනූ ලබන තෘප්තිමත් කායික සබඳතාවක් මගින් ඔහූගේ සාර්ථකත්වය සේම සමෙහි අලංකාරයට ඔබ වැය කරන මූදලද ඉතිරි කර ගැනීමට හැකි වේ. මන්ද කදිම රුධිර සංසරණයක් හේතුවෙන් ඔබේ මූහූණට හා සමට ප‍්‍රබල දීප්තියක් එමගින් එක් වේ. විශේෂයෙන්ම ලිංගික සදබඳකමකින් පසූව නිවැරදිව පරීක්ෂා කළහොත් ඔබේ මූහූණට ආලෝකයක් ලැබී ඇති බවක් සොයා ගැනීමට ඔබටම හැකි වේ.

මෙය තවත් පැත්තකින් විමසා බැලූවොත් බොහෝ සකී‍්‍රය ලිංගික සබඳතා පවත්වන්නියන්ගේ රුව බොහෝ අලංකාර වීම හා වයසට නොයන තත්ත්වයකට පත්වන්නේද එම හේතුව නිසාවෙනි. ප‍්‍රබල රුධිර සංසරණය හේතුවෙන් සම මතුපිට ප‍්‍රබල පෝෂණයක් ඇතිිකිරීම කායික සබඳතා මගින් සිදු වේ.

විෂ සහිත දේ පිටව යෑම
සිරුරෙහි අපද‍්‍රව්‍ය බැහැර කිරීමටද කායික සබඳකම් දායකත්වයක් ලබා දේ යැයි ඔබ නොසිතුවාට සැකයක් නොවේ. එයට හේතුවන්නේ කායික සබඳතාවකදී සිදුවන සිරුරෙහි උණූසූම් වීම හා දහදිය දෑමීම මත ඒසමගම සම තුළ වූ අහිතකර රසායනිකයන්ද පිටව යෑමය. වෛද්‍ය මතයට අනූව පැය භාගයක් ප‍්‍රබල කායික බැඳීමක් ඇති කර ගන්නා අඹූ සැමියන්ගේ එම ක‍්‍රියාවලිය සමාන වන්නේ පැය සම්භාහන ආයතනයක කල් ගෙවීමටය.

එසේ දෙදෙනා දෑඩි ක‍්‍රියාකාරත්වයක් හා දහදිය දෑමීමක් සිදුවීමෙන් අපද‍්‍රව්‍ය පිටවීමෙන් දහදිය දුගද හැමීමක් ද සිදු නොවේ.

කඩිසරබව ඇතිවේ
ආචාර්ය හෝන්ස්ලේ පවසන පරිදි අඹූසැමි සබඳතාවකදී කැලරි දෑවීමක් සිදුවන අතර එහි ප‍්‍රමාණය රඳා පවතින්නේ සබඳතාවෙහි දීර්ඝත්වය මතය. එයට අමතරව එමගින් මාංශ පේශින් ලිහිල් වීමක්ද සිදු වේ. එහෙයින් එය ගර්භනී කතුන්ට වඩාත් ප‍්‍රතිඵල දායක වේ. විශේෂයෙන්ම මෙහිදී උකුල උදරය හා කළවාවන්හි මාංශ පේශින් ලිහිල් වීමක් සිදුවීමෙන් ප‍්‍රබල කාර්යක්ෂම බවක් ජීවිතයට එක් වේ.

ආත්ම ආඩම්බරය
කායික සබඳතාවකදී ඔබට සැහැල්ලූවට හා උද්යෝගි බවට පත් කරන හෝමෝන නිකුත් වීමද ඔබේ ජීවිතයට ප‍්‍රබලව බලපායි. එහෙයින් එයින් පසූව ඔබ යම් කටයූත්තක යෙදෙද්දී බොහෝ සරල බවක් හැගේ. අලූත් හැගීම් හා සිතුවිලි ඇති වේ.

තවද කදිම කායික සබඳතාවකදී දෙදෙනා තුළම ප‍්‍රබල ආත්ම ආඩම්බරයක් ඇතිවීම මෙහිදී බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම පිරිමියෙකු තුළ සියූම් ජයග‍්‍රාහී ස්වරූපයක් ඇති වීමෙන් ඔහූගේ දෛනික ජීවිතයේ කටයූතු වඩාත් පහසූ වේ. ගැහැනියක ලෙසින් ඔබට එයින් ආදරය ලබන්නියක යන හැÛීම, ආරක්ෂක බව හ ජීවිතය පරිපූර්ණ වූයේ යැයිද හැගේ. එම මානසිකත්වය ඔබව ගෘහ අලංකාරයට රස ආහාර පිළියෙල කිරීම පවූලේ ප‍්‍රබල සමගියක් ඇති කර ගැනීමට බලපායි.

යහපත් කායික සබඳකමක් පවත්වන අඹූසැමි යූවලක අතර ප‍්‍රබල සමීපතාවක් ඇති වේ. මන්ද ඔවූන් කායිකව ඇතිකර ගත් සමීපතාව මත ප‍්‍රබල වේ. මෙය සමාන වන්නේ විවාහයට පෙර පෙම්වතුන්ව සිටියදී දෙදෙනා අතර වූ බැඳීමටය. අඹූ සැමියන් වූ පසූව දෙදෙනා අතර මෙම කායික බැඳීම ඉහළ මටිටමක තිබිය යූත්තේ එය පවූලේ දියූණූවට ප‍්‍රබලව බලපෑම් කිරීමෙනි.

වින්දනාත්මක හා සංතෘප්ත කායික බැඳීම් අඹූ සැමියන් අතර නොතිබූණූ විටදී දෙදෙනා ලෝක දෙකක ජීවත් වීම අරඹන අතර එම අතෘප්තිකර හැගීම නූරුස්නා බවකින් අන් සියලූ දෙයෙහිද මතු වේ.් නමූත් එයට හේතුව මෙම කායික සබඳතාවන්ගේ දුර්වලත්වය බව එළිපිට හෙළි දරව් නොවන්නේ එය කතා කිරීම ලැජ්ජා වීමෙනි. එහෙයින් සෑම බිරිඳක්ම සැමියා තමා වෙතින් නිසි ලෙසින් තෘප්තිමත් වන්නේද යන්න ගැන අවබෝධයකින් පසූවීම අත්‍යවශ්‍ය වේ.එය පවූලේ සාර්ථකත්වයට හා දෙදෙනාගෙ එකගතාවට දෑඩිව බලපායි. 

ගර්භණී සමයේ ලිංගික සංසර්ගය නරක ද?

ගර්භණී සමයේ මුල් කාලයේ ඔබට ඔක්කාරය, වමනය හා ඇගේ පතේ රුදාව බොහොම තදින් දැනේවි. ඒ කාලයේ ඔබ ලිංගිකව එකතු වීම ගැන සිතන්නේවත් නැතිව ඇති. ඒත් සමහර කාන්තාවන්ට එහෙම නැහැ. සමහර ගර්භණී කාන්තාවන්ට ලිංගික ආශාවන් වඩාත් තදින් දැනෙනවා. පිරිමි අයටත් මේ තත්වය කිසි වෙනසක් නැහැ. සමහර පිරිමින්ට ගර්භණී කාන්තාවන් ලිංගිකව ඉතා ආකර්ශ”ය වෙන අතරේ සමහර අයට එසේ නැහැ. ඒත් බොහෝ පිරිමින් ගර්භණී සමයේ ලිංගිකව එකතු වීමට බිය වෙන්නේ ඔබට හෝ ඔබේ කුස තුල සිටින දරුවාට හානියක් වේවි යැයි බිය නිසා.



හොඳ කාලයක් හෝ නරක කාලයක් තියෙනවා ද?

ගර්භණී සමයේ මුල් කාලයේ ඔබට විවිධ අපහසුකම් දැනෙනවා. මේ ඔබගේ පලමු ගර්භණී වීම නම් මේ දේවල් ඔබට ඉතා අලූත් අත්දැකීම් විය හැකියි. ඔබ කලින් ගර්භණී වී හිටියත් ඔබට ඒ කාලයේ දැනුනු අපහසුතා දැන් මතක නැතිව ඇති. ඔබට ඔබේ සැමියා වැලඳ ගැනීම පවා සමහර විට අපහසු කමක් විය හැකියි.

ගර්භණී සමයේ දෙවන ත්‍රෛමාසිකය වන විට ඔබට කලින් තිබුනු අපහසුතා මÛහැරිලා. ශාරීරික ව ඔබ සනීපෙන්. ඔබේ යෝනි මාර්ගයේ ශ‍්‍රාවයන් දැන් ටිකක් වැඩියි. ඔබේ ලිංගික අවයවවලට ධිර ගලා ඒම වැඩිවෙලා. ඒ නිසා ලිංගික වින්දනය දැන් වෙනදාට වඩා වැඩියි. ඔබේ කුසත් තවම එතරම් ලොකු නැති නිසා ඔබට මේ කාලයේ ලිංගිකව එක්වීම වඩා පහසුයි සහ ආශ්වාදජනකයි. සමහර කාන්තාවන්ට මේ කාලයේ දී වඩාත් ලිංගික ආශාවන් වැඩියෙන් දැනෙනවා. ඔබේ ශරීරයේ ඇතිවන හෝමෝනමය වෙනස්කම් එයට හේතු වෙනවා.


ඔබේ ගර්භණී සමයේ තුන් වන ත්‍රෛමාසිකයේ දී ඔබ නැවතත් කලින් වගේම ශාරීරික අපහසුතාවලින් පෙලෙන්න පටන් ගන්නවා. ඔබෙ කුසත් මේ වෙන විට විශාල වෙලා. ඒ නිසා ප‍්‍රායෝගිකව ලිංගිකව එක්වීම අපහසු වෙන්න පුලූවන්.

දරු ප‍්‍රසූතුයට ආසන්න කාලයේදී ලිංගිකව එක්වීම හා සුරාන්තයට පත් වීම :දරට්ිප* මගින් චරදිඒටක්බාසබ නම් රසායනය නිදහස් වෙනවා. මෙමගින් ප‍්‍රසූතු වේදනාව ඉක්මන් විය හැකියි.

ඔබේ සැමියා ඔබට හෝ කුස තුල සිටින දරුවාට හානියක් වේයැයි සිතා ඔබ හා ලිංගිකව එක් වීමට බිය වන්නේ නම් ඔහුට මෙසේ පැහැදිලි කර දෙන්න. ඔබේ කුස තුල සිටින දරුවා ජලය හා පටක වලින් සැදුනු ආරක්ෂක ආවරණ වලින් වැසී සිටින කෙනෙක්. ඒ නිසා ඔබෙ ගර්භණී භාවය අවදානම් තත්වයන්ගෙන් තොර නම් ලිංගිකව එක්වීම හැම අතින් ම අනතුරු රහිතයි. කෙසේ වෙතත් යම් යම් තත්වයන් තුලදී ගර්භණී සමයේ ලිංගිකව එක් වීම අනතුරුදායක බව මතක තබා ගත යුතුයි. ඒ තත්වයන් ගැන සොයා දැන ගන්න. ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡුා කරන්න.


 ලිංගික ඉරියවු

ඔබේ කුස ක‍්‍රමයෙන් විශාල වනවාත් සමගම සාම්ප‍්‍රදායික ප්බ-දබ-එදච ඉරියවුවෙන් ලිංගිකව එක්වීම ඔබට අපහසු වේවි. අනෙක් කාරණය නම් ගර්භණී සමයේ අවසාන කාලයේදී ඔබ උඩුබැලි අතට සිටීම හොඳ නැහැ. උඩුබැලි අතට සිටින විට ඔබේ ගර්භය ඊට පිටුපසින් තිබෙන විශාල රුධිර වාහිනී තදින් තෙරපනවා. එවිට ඔබගෙ හෘදයට එන ලේ ප‍්‍රමාණය හා හෘදයෙන් පිටවන ලේ ප‍්‍රමාණය අඩුවී ඔබට ක්ලාන්ත ගතියක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකියි. මෙය ,ිමචසබැ යහචදඑැබිසඩැ ිහබාරදපැ, නමින් හඳුන්වනවා.

අවදානම් තත්වයන්

ගබ්සාවීම්, ගැබ් ගෙලේ දුර්වලතාවයන්, යෝනි මාර්ගයෙන් ලේ වහනය වීම්, යෝනි මාර්ගය සම්බන්ධ ආසාදන, ,අ්එැර ඉ්ට, කැඞීම හා වැදෑමහ පහතින් පිහිටා තිබීම යන තත්වයන් වලදී ලිංගික සංසර්ගය අනතුරුදායක විය හැකියි.

ගර්භණී සමයේ මුල් මාස තුන ඇතුලත සිදුවන ගබ්සාවීම්  බොහෝවිට සිදු වන්නේ දරුවාගේ ජානමය පිහිටීමේ වෙනසක් නිසා. වෛද්‍ය පරීක්ෂණ මගින් ඔප්පු වුනු ජානමය ගැටලූවක් නැතිනම්, ඔබ මේ ගැන හේතු රහිතව බියවිය යුතු නැහැ. මෙවැනි තත්වයන්වලදී ගර්භණී භාවය ක ගැනීමට සමහර විට කල හැකි දෙයක් නැහැ.

දෙවන ත්‍රෛමාසිකය තුලදී වන ගබ්සාවීම් බොහෝ විට සිදු වන්නේ ආසාදන හෝ ගැබ් ගෙලේ දුර්වලතාවයක් නිසා. ගැබ් ගෙලේ දුර්වලතාවයක් යන්නෙන් අදහස් වන්නේ, ඔබේ කුස තුල සිටින දරුවා වැඩෙන විට එම බර හා පීඩනය දරාගත නොහැකිව ගැබ් ගෙල විවෘත වීමයි. මෙහිදී ඔබේ වෛද්‍යවරයා ඔබව ිජ්බ පරීක්ෂණයකට ලක් කර අවශ්‍ය නම් ජැරඩසජ්ක ජසරජක්ටැ සැත්කමට බඳුන් කරනු ඇති. ලිංගිකව එකතු වීම මේ තත්වයේ දී අනතුරුදායකයි.

සංසර්ගයෙන් පසු සුරාන්තයට පත්වීමේදී  චරදිඒටක්බාසබ නම් රසායනය නිපදවීම නිසා සමහර විට ප‍්‍රසූති වේදනාව ඇති විය හැකියි. ඔබ නිසි කලට පෙර ප‍්‍රසූති වේදනාව ඇති වීමට අවදානමක් ඇති කෙනෙක් නම් ගර්භණී සමයේ අවසාන කාලයේ ලිංගිකව එක් වීම අනතුරුදායකයි.

ඔබේ වැදෑමහ පහතින් පිහිටා ඇති නම් ලිංගිකව එක්වීමේදී අධිකව රුධිර වහනය විය හැකියි. මෙය ,චක්ජැබඒ චරුඩස්. නමින් හැඳින්වෙනවා. මේ තත්වය ස්ජඅන් පරීක්ෂණයේදී දැනගත හැකියි.

නිසි කලට පෙර ඔබේ අ්එැර ඉ්ට කැඞී ඇත්නම් ලිංගිකව එක්වීමේදී ආසාදනයන් ඇතුලූ විය හැකියි. දුගඳ හමන ශ‍්‍රාවයන් ඇති වීම ආසාදනවල තවත් රෝග ලක්ෂණයක්. අනාරක්ෂිත සංසර්ගය නිසා විවිධ ආසාදන ඔබට, ඔබේ කුස තුල සිටින දරුවාට මෙන්ම ඔබේ සැමියාටද වැලඳිය හැකියි.

අවසාන නිගමනය


සාමාන්‍ය හා කිසිම අවදානම් තත්වයක් නැති ගර්භණී භාවයකදී ලිංගිකව එක්වීම ගැටලූවක් නැහැ.

සුරතාන්තය දිව ඔසුවක්ලූ ලස්සනත් වෙනවලූ වයසට යන්නේ නැතිලූ


ප‍්‍රතිශක්ති වර්ධනයේ සිට සමස්ත සෞඛ්‍යයට, සතුටට සහ යහ සාධනයට එය අත්‍යවශ්‍ය වූවක් බව ඔවුහු පෙන්වා දෙති. එක් දිනක සුරතාන්තයකින් වෛද්‍යවරයා ඉවත් කර තැබිය හැකි බව සඳහන් කරමින්, ලිංගික ආශ‍්‍රය හා ස්වයං සමභෝගය සමස්ත සෞඛ්‍යයටම වැදගත් බව අන්තර් ජාතික සෞඛ්‍ය සේවාව සිසුන් සඳහා නිකුත් කළ පත‍්‍රිකාවකින් අවධාරණය කරයි.

හෘදයාබාධවලින් වැළකීමට, සුව නින්දකට මෙන්ම හිසරුදාව සමනයට ද එය මහෝපකාරී වෙයි. සුරතාන්තයෙදී කාන්තාවගේ මස්තිෂ්කය පුර්ණ වශයෙන් ක‍්‍රියාශීලී වෙයි. එහිදී බලගතු
ඔක්සිටොසින් ආදර හෝමෝනය නිකුත්වෙයි. සෑම ලිංගික ක‍්‍රියාවකදීම පුරුෂයන්ට, කාන්තාවන්ට, සමලිංගිකයන්ට එක සමාන ප‍්‍රතිඵල හිමිවන බව නිව්යෝක් ස්නායු වෛද්‍ය විශේෂඥ ඬේවිඞ් ලින්ටන් කළ සිසාරක පරීක්ෂණවලින් හෙළි කරගෙන තිබේ.


සුරතාන්තයේදී මොළයේ සොම්නස් පද්ධතියක් ක‍්‍රියාත්මක වෙයි. යහපත් හැ`ගීමකදී, මුදල් දිනාගැනීමක දී, මත්පැන් ගැනීමකදී, කොකේන්, ඇම්පිටමින් හා හෙරොයින් භාවිතයේදී ද මෙම සොම්නස් පද්ධතිය ක‍්‍රියාකාරී වන බව ඔහු පෙන්වා දෙයි.

ඔක්සිටෝසින් දරු ප‍්‍රසුතියේදී, මව්කිරි දීමේදී, හා සුරතන්තයෙන් පසුනිකුත් කෙරෙන හෝමෝනයකි. සිරුරේ සමස්ත පද්ධතිය වැඩි වේගයකින් උණුසුම්ව හා සුවය වැඩිවෙලාවක් රඳවා තබා ගැනීමට එය උපකාරී වෙයි. සුරතාන්තයට පත් වීමෙන් පසු සති දේකක් යන තෙක් රුධිර පීඩනය හා ආතති මට්ටම අඩු කර ගත හැකි බව බ‍්‍රිතාන්‍ය වෛද්‍යවරු පෙන්වා දෙති. එය නින්දටද මහෝපකාරී වෙයි. අධ්‍යයනයට එක්වූ කාන්තාවන් 2630 දෙනෙකුගෙන් සියයට 39 ක්ම සුව නින්දක් සඳහා ස්වයං සමභෝගයේ පහස විඳින බව හෙළිවී තිබේ. සතියකට වරක් හෝ දෙවරක් ලිංගික සංවාසයෙන් ක්ෂුද‍්‍ර ජීවීන්ට එරෙහි සිරුරේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනයට හැකියාව ලැබේ. සම පැහැපත්වීම කුටප‍්‍රප්තියේ තවත් ඵලයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. සැමට රුධිරය ගලායාම වර්ධනය වීමෙන් සමේ රුධිර නාළ විවෘත වීමෙන් සම පැහැපත් වෙයි.

හිසරුදාව සමනය කිරීම හා සඵලතාව වර්ධනය කිරීමද සුරතාන්තයේ තවත් ප‍්‍රතිඵල අතර වෙයි. හෘදයාබාධවලින් වැළකීමට නම් සුරතාන්තයට පත වන ලෙස බ‍්‍රිතාන්‍ය විශේෂඥ වෛද්‍ය ලීසා ටර්නර් ප‍්‍රකාශ කරයි. ඊශ‍්‍රායල අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ හෘදයාබාධ වැඩි කාන්තාවන්ගේ සුරතාන්තය ඉතා අඩු බවය

ලිංගික ශක්තිය වැඩිපුර අවශ්‍ය නම් මෙන්න මේ විදියට කෝපී බොන්න


කෝපි පානයෙන් ලද හැකි තවත් ප‍්‍රාතිහාර්යයක් ඔයැ ඔැකැටර්චය වාර්තා කරයි. දිනකට කෝපි කෝප්ප 2ක බැගින් පානය කිරීමෙන් පිරිමින්ගේ පුරුෂ  ශක්තිය වැඩි වන බව ඉන් සනාථ කෙරේ. පුද්ගලයාගේ වැඩි බර හා රුධිර පීඩන ආදී පවතින තත්වය කුමක් වුවද යහනේදී පිරිමියාගේ ක‍්‍රියාකාරිත්ව වර්ධනයට එය සමත් බව 4 000 කගේ සහභාගිත්වයෙන් කළ
අධ්‍යයනය සනාථ කරයි.


කෝපි නොබොන අය වාර්තා කළ ලිංගික උද්දාම අක‍්‍රීයත්වය  කෝපි කෝප්ප 2 ක් බොන අය සම්බන්ධයෙන් 42%කින් අඩු බව සොයා ගෙන තිබේ. කෝප්ප 3ක්  පානය කළ  අයගේ 39%ක අඩුවිමක් පෙන්වා තිබිණ. මේ බලපෑම පිරිමින්ගේ වැඩි බර, ස්ථුලතාව හෝ අධි රුධිර පීඩනය වැනි කරුණුවලට අදාළ නැති බවද ටෙක්සාස් සරසවිය කළ අධ්‍යයනය හෙළි කර සිටි. එහෙත් උද්දාමක අක‍්‍රියතා අවදානම වැඩි දියවැඩියා රෝගීන් සම්බන්ධයෙන්  කෝපිවල බලපෑම අඩු අගයක් පෙන්වයි.
 
කෙසේ වුවද දිනකට කෝපි කෝප්ප 4 කට වැඩියෙන් පානය අනතුරුදායක බවට වෛද්‍යවරු අනතුරු අÛවති.එය අවිවේකි බවට, කම්පනයට, නින්ද නොයාමට හා උදරයේ කැලඹීමට හෙතුවෙයි. මේ අතර මිට කලින් කළ අධ්‍යයනයකින් හෙළිවන්නේ වැඩිහිටි කාන්තාවන් එක කෝපි  කෝප්පයක් පමණක් පානය කිරීමෙන් ලිංගික ආශක්තිය ඉහළ ම මට්ටමකට ලÛා කර ගත හැකි බව හෙළිවී තිබේ. පිරිමින්ටද වඩාත් ඉහළ කාම ශක්තියක් ඇති කරවයි.

කාන්තාවන්ගේ නාසයෙන් කියවෙන ඔබ නොදන්නා ලිංගික රහස්



කාන්තාවන්ගේ අගපසÛ තුලින් කියවෙන බොහොමයක් කරුණු ඔබ දැනසිටියත් ඔවුන්ගේ නාසයෙන් කියවෙන මෙම කරුණු පිලිබඳව ඔබ නොදන්නා බවට ඉතා විශ්වාසයි. ඔබ කාන්තාවන්ගේ මෙම ලක්ෂණ තුලින් කියවෙන මෙම රහස් පිලිබඳව කියවා බලා එහි ඇත්ත නැත්ත ගැන ඔබ විසින්ම අවබෝධ කරගන්න.

පොදුවේ ස්ත‍්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන
විට නාසයට ප‍්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ
ස්ත‍්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත
හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ
සඳහා මුල් කරගන්න නාසය ස්ත‍්‍රියකගේ පිහිටීම
අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි.
සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත‍්‍රිය පංච
කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ
කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ. 

නාසයකොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත‍්‍රීන්
බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන
ක්‍‍්‍ර ියාකරයි. නාස් පුඩු මැද උල්ව පිහිටා ඇත්නම්
බොහෝ රහස් සගවා ගනී. කිසිවක් හෙළි නොකරයි.
කතා බහ අඩුය. නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම්
බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ. ඉහළින්
නාසය වක්‍‍්‍ර සහිතයි නම් බොහෝ ආශාවන් පසුපස ලූහුබඳී. මායාකාරියකි. නාස්
පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ.

ලැබුණ දෙයද අගය නොකරයි. උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි
ස්ත‍්‍රීන්ෆ ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි.
කතා කරන විට, නාසය නටවයි නම්ෆ බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම
සිත් ඇද ගැනීමට උත්සාහ දරයි. නාස්පුඩු අග දෙකොනෙ වළ ගැසී ඇත්නම්
නිතරම තමා ගැන වර්ණනා කරයි. නාසයේ සිදුරු වටා හම කළු නම් කිසිම
උපදෙසක් පිළිනොපදී. තම අභිමතයට කටයුතු කරයි. ඇය විවාහ වුවද අනියම්
බැඳීම් ඇතිකර ගනී.

ස්ත්‍රියගේ නාරි ලාලිත්‍යයෙන් කියවෙන රහස්…

දේහ ලක්ෂණ ගැන විමර්ශනය කර බැලීමේදී ස්ත්‍රීන්ට ගති ලක්ෂණ අටක් ඇත. ඒවා ගැන සලකා බැලීමේදී ස්වර, ආවති, ඡායා, සත්ත්ව, සංස්ථාන, ගන්ධ, වර්ණ. ගති යනුවෙන් වර්ග කර දැක්වීම උචිතය. ස්ත්‍රියගේ දේහ ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දෙපතුල සිට හිස දක්වාම විමර්ශනයට ලක් කිරීමේදී සුබ අසුබ වෙන් වෙන් වශයෙන් දැන හැඳින ගත හැකිවෙයි.

සාකල්‍ය වශයෙන්ම ස්ත්‍රිය භාග්‍යවන්තියක් වේ. එසේ වන්නේ පයේ යටි පතුල මෙන් සිනිදු සම උණුසුම් ස්වභාවයක් දැකිය යුතුවේ. වියලී ගිය පා තලයක් ඇත්නම් ඇය දිළිඳුය. දුප්පත්කම ඉහ වහා යයි. ඉහත කී ලක්ෂණ යම් යුවතියකට පිහිටා තිබේ නම් ඇය අනිවාර්යයෙන්ම දුක් වීඳීමට උපන් තැනැත්තියකි.
සමහර ස්ත්‍රීන් රාජ්‍ය මහේසිකාවන්ගේ තත්ත්වයට පත්වේ. එවන් ස්ත්‍රීන්ගේ පාදයෙහි සේසත්, චක්‍ර, ස්වස්තික හැඩ, මත්ස්‍ය ලක්ෂණ නිරන්තරයෙන්ම දක්නට ලැබේ. සමහර ස්ත්‍රීන්ගේ සුබදායක ලක්ෂණ තිබේ. එයින් එකක් වන්නේ මාංශ පේෂීන් පිරිච්ච ස්වභාවයකි.
තම පරම්පරාවෙන් එන කුලයද අකා මකා දමන එය නසන ස්ත්‍රීන්ද එදිනෙදා ජීවිතයේදී අපට දක්නට ලැබේ. ඇය අපට ලෙහෙසියෙන් හඳුනා ගත හැකිවන්නේ වක්‍ර ඇඟිල්ලක් ඇති නිසාවෙනි. දාසියක් මෙන් වැඩෙහි යෙදෙන ස්ත්‍රීන්ට මහත් වූ ඇඟිලි පිහිටයි. සමහර විට ඇයගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ ස්ත්‍රියගේ අවයව පිහිටන ආකාරයටයි. ඒ අනුව දේහ ලක්ෂණ විද්‍යාවෙන් ගති ලක්ෂණ චමත්කාර ලෙස විග්‍රහ කල හැකිය.
සමහර විටෙක ඇය නිතර නිතර දුක් කරදර උසුලන්නියක් නම් තරවූ ඇඟිලි ඇයට උපතින් දායාද කර ඇත. ඇත්තටම සත්‍ය වශයෙන්ම ඇය භාග්‍යවන්තියක් නම් ඇයගේ ඇඟිලි පියුමක් දිලෙන ස්වභාවයක් පෙන්නුම් කරන්නේය. දේහ ලක්ෂණ විද්‍යාවේදී හොඳට ඇඟිලි පරීක්ෂා කර බැලීමේදී ඉහතින් සඳහන් කල පියුමක ස්වභාවය ස්වරූපය පෙනේනම් එක එල්ලේම ඇය භාග්‍යවන්තියක් ලෙස නම් කල හැකිය. සිරියාවන්ත සිරිකතක් බඳු ස්ත්‍රියක් ලෙස නිගමනය කල හැකිය.
යම්කිසි ස්ත්‍රියක් පාරේ ගමන් කරද්දී ඇගේ පාදයේ ඇඟිලි තුඩු වලින් දූවිලි එහි මෙහි විසුරුවයිද එවැනි තැනැත්තියකට කිසිම කලක මනාලියක් ලෙස සැරසී කුලගෙට පිවිසෙන්නට නොහැකි වෙයි. ඇයගේ ඇඟිලි ඉතාමත් සිහින් ස්වභාවයක් පිළිබිඹුු කරයි. නම් ඇය නිතර කලකෝලාහලවලට පැටලෙන කතක් බව නිගමනය කල හැකිය. සමහර විටෙක ස්ත්‍රියක් බහු පුරුෂ සේවනයේ යෙදෙන අවස්ථා ඕනෑ තරම් අසන්නට දක්නට ලැඛෙයි. එවැනි ස්ත්‍රීන් තම ස්වාමි පුරුෂයා මරා දමන ලද අවස්ථාද කොතෙකුත් පුවත්පත්වල පලවී තිඛෙනු ඔබ දක්නට ඇත.
එවැනි චරිත ලක්ෂණ ඇති ස්ත්‍රියකගේ ඇඟිලි කිසිම විටෙක බිම ස්පර්ශ නොකරයි. බිම සිප නොගනී.
ශ්‍රියා කාන්තාවක් මෙන් රූප සම්පත්තියකින් ආඪ්‍ය වීමට නම් ඇගේ දණ තරමක් උස් වී මසින් පිරුණු ස්වභාවයක් පෙන්නුම් තැනැත්තියක් වීම අනිවාර්ය ලක්ෂණයකි. දීර්ඝ වශයෙන්ම දේහ ලක්ෂණ පරීක්ෂා කිරීමේදී ගතිගුණ මෙන්ම ගති ලක්ෂණ ගැනද සත්‍ය අනාවැකි පවසන්නට හොඳින්ම පුළුවන්කම ලැබේ.
සමහර ස්ත්‍රීන් ඇවිදින විට මස් පිඩු වේගවත්ව රිද්මයකට සැලෙයි නම් වඩාත් විමසිල්ලකින් බැලිය යුතුයි. එසේ කිරීමෙන් සක් සුදක් සේම සාක්ෂාත් කර ගත්තේ නම් සැකයකින් තොරවම එම ස්ත්‍රිය අභාග්‍ය සම්පන්න බව පැවසිය හැකිය.
යම් කිසි ස්ත්‍රියකගේ කලව රඹ කඳක්මෙන් දිස්වේ නම් ඇයටද රජ මෙහෙසියක් වීමට තරම් වරමක් ඇත. ස්ත්‍රියගේ ලෝම රළු ස්වභාවයක් උසුලයි නම් ඇය බොහෝ විට දුප්පත් මෙන්ම කනවැන්දුම් තැනැත්තියක් බව නිගමනය කිරීමට පුළුවන.
පිරීගිය සඳක් වන් රහසඟක් ස්ත්‍රිය සතුව තිබේ නම් එය ස්ත්‍රියකගේ සැබවින්ම සුබ ලක්ෂණයක් බව නිර්භයවම ප්‍රකාශ කල හැකිය. තවත් ක්‍රමයක ස්ත්‍රිය වාසනාවන්ත වේ. ඒ ඇයගේ මස් පිඩු සුසිනිදු බව දනවන අවස්ථාවලදීය. එවැනි ලක්ෂණ ඔබට පෙනේ නම් එය හරියටම තහවුරු කර ඇය වාසනාවන්තියක් බව ස්ථිර වශයෙන්ම පැවසිය හැකිය.
යම් කිසි ස්ත්‍රියකගේ ඛෙල්ලෙහි ඉරි තුනක් පිහිටා තිඛෙන අයුරු ඔබ දැක ඇතුවාට සැකයක් නැත. මේ අයුරින් ඉරි තුනක් පිහිටා ඇති කාන්තාව ඉතා වාසනාවන්තියක් බව නිර්ලෝභීව පැවසිය හැකිය.
යම් ස්ත්‍රියකගේ පියයුරුවල හැඩ තල පරීක්ෂා කිරීමේදී ඇයගේ ගති ලක්ෂණ එමඟින්ද පැවසිය හැකිය. යම් කිසි ස්ත්‍රියකගේ පියයුරු තද ගතියකින් යුක්ත නම් එබඳු තැනැත්තිය ඉතාමත් සුබ ලක්ෂණයන්ගෙන් පොහොසත් බව පලකරයි.
යම් කිසි ස්ත්‍රියක් වංක ස්වභාවයකින් යුතුව කටයුතු කරයි නම් ඇයට ස්වභාවයෙන්ම පිහිටා ඇත්තේ දිගු ඛෙල්ලකි. තවද යම් කිසි ස්ත්‍රියකගේ දෙකම්මුල් පිරී ඉතිරී ගිය වැලි තලපයක් මෙන් දිස්වේ නම් ඇයගේ සුබ ලක්ෂණ එමගින් මනාව පැහැදිලිකර පෙන්විය හැකිය. දෙකට ඛෙදී ගිය ස්ත්‍රී තොල් සඟලක් යම් ස්ත්‍රියකට දායාද කොට ඇත්නම් එවැනි ස්ත්‍රියකගේ යටි තොල් මනහර බවක් පල කරන්නේය. උඩු තොල පරීක්ෂා කර බැලීමේදී එය මහත්ව පිහිටා ඇත්නම් එවැනි ස්ත්‍රිය කලහ කිරීමට පෙළඹෙන තැනැත්තියක් වශයෙන් නිගමනය කර ඒ බව පෙන්වා දිය හැකිය. එවිට ඔබේ දේහ ලක්ෂණ අනාවැකි නිවැරදි වේ.
වඩ වඩාත්ම ධනය ලබන ස්ත්‍රීන්ගේ දත් කොඳ කැකුළු මෙන් බබලන්නේය. උඩු හා යටි ඇන්දේ දත්වල සමානත්වයකි. එසේත් නැත්නම් සමාන දත් පිහිටා ඇත්තේද ඇයටද රාජ්‍ය අනුග්‍රාහිකාවක් වීමට වාසනාව ඇත.
එමෙන්ම ස්ත්‍රියකගේ තොල් විවර කර දත් නොපෙන්වා දත් සඟවා සිනාසීමද අගනේ වෙයි. තොල මත පෙති මෙන් තෙත්වී තිබේ නම් ඇය පර පුරුෂයන් ඇසුරට කැමති බව ඉඳුරාම පැවසිය හැකිය. ඔබත් තෝරා බේරාගෙන දේහ ලක්ෂණ අනාවැකි හරියටම පවසන්න.

කෙල්ලො sex කරන්න කැමති කොහොමද දන්නවද?

කාන්තාවන් හා පිරිමින් දවසේ එකිනෙකාට විරුද්ධ අවස්ථාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්තක් දක්වන බව Love Honey ලිංගික ක්‍රීඩා භාණ්ඩ සමාගමක් කළ සමීක්ෂණයකින් හෙළි වෙයි.
ඒ අනුව කාන්තාව වඩාත් කැමත්තක් දක්වන්නේ නින්දට යාමට කලින් රතිකෙළියෙහි නිරතවීමටයි. එහෙත් පිරිමියා වඩාත් කැමති වේලාව උදෑසනයි.
2300 දෙනෙකු සම්බන්ධකරගනිමින් සිදු කළ සමීක්ෂණයට අනුව පිරිමින්ගෙන් 78% ක් හා කාන්තාවන්ගෙන් 69% ක්ම දවසේ වෙනස් වේලාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
පිරිමින් 28% ක්ම කැමැත්ත දක්වා ඇත්තේ ඒ සඳහා උදෑසන 6.00 ත් 9.00 ත් අතර කාලයට තමන් වඩාත් කැමති බවයි. එම කාලයට කැමැත්ත දක්වන කාන්තා පිරිස 11% ක් පමණි. වැඩිම කාන්තා පිරිසක් කැමැත්ත දක්වන්නේ රාත්‍රී 11.00 ත් 2.00 ත් අතර කාලයටයි.

සෑම ලිංගික එක්වීමකටම පසුව විනාඩි 45 ක් ඇතුලත මුත‍්‍රා කිරීමෙන් ශරීරයට ලැබෙන ප‍්‍රතිලාභ මෙන්න…






සෑම ලිංගික ක‍්‍රියාවලියකටම පසුවම මුත‍්‍රා කිරීම වැනි සරල දෙයක් මගින් ඔබේ ශරීරයේ භෞතික පැවැත්ම නගාසිටුවීම හා ආසාදන තත්වයන් සමග සටන් කිරීම වැනි විශාල ප‍්‍රතිලාභයන් රැසක් ලැබෙන බව ඔබ දන්නවාද ?
ලිංගික හැසිරීම් මගින් ලිංගික ප‍්‍රදේශයේ සහ ගුද මාර්ගය අවට සිටින ක්‍ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ශරීරගත විය හැකි අතර මුත‍්‍ර මාර්ගය තුළ රැස්වී මුත‍්‍රාශයට ආසාදනය වීමේ අවදානමක් පවතී.
ඇත්ත වශයෙන්ම, එය කාන්තාවන්ගේ මුත‍්‍රා ආසාදන සඳහා වඩාත් පොදු හේතුවක් වන බව පෙන්වා දී ඇති අතර එය වැලැක්වීම සඳහාල විශේෂඥයන් අවධාරණයෙන් කියා සිටින්නේ සෑම ලිංගික ක‍්‍රියාවකට පසු මුත‍්‍රා කිරීම ඉතා වැදගත් බවයි.

ඔබේ ලිංගික ජීවිතයට හා සෞඛ්‍යයට ඉතා වැදගත් කරුණු කිහිපියක් පහතින්…

තවදුරටත් කියාසිටින්නේ පුරුෂයන්ගේ මෙන් නොව කාන්තාවන්ගේ විසර්ජනය සහ මුත‍්‍රා පිටවීම යන දෙකම මුත‍්‍රා මාර්ගයෙන්ම පමණක් සිදු නොවන නිසා විෂබීජ තැන්පත් වීම අවම කිරීමට සෑම සංසර්ගයකටම පසු මුත‍්‍රා කිරීම සිදු කල යුතු බවයි.
එම නිසා සෑම සංසර්ගයකටම පසු මිනිත්තු 45ක් ඇතුළත මුත‍්‍රා කිරීම සිදුකල යුතුයි.
ඒ වගේම අපි මේ ආසාදන්ට එරෙහිව ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත හා විශ්වසනීය ක‍්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතයට ද අවධානය යොමුකළ හැකි අතර ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග මගින් ඔබේ සහකරුවාව අනතුරෙ හි හෙලීම වලක්වා ගත හැකිය.

Wednesday, December 30, 2015

පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න

Mortar with fresh rosemary and dried spices


බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්‍යනයකට අනුව එරට වෙසෙන වයස 60ට අඩු මිනිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලිංගික ගැටළු තිබේ.මේවා හෙළිනොවිමට බොහෝවිට බලපාන්නේපිරිමින් තමන් ලිංගික වශයෙන් ඛෙලහීනතාවයකින් පෙළෙන බවට පිළිගැනීමට මැලිකමක්
දැක්වීමයි. මෙවැනි ගැටළු නිසිපරිදි හඳුනා නොගැනීම හා ප්‍රතිකාර නොගැනීම නිසා පවුල් ජීවිත පවා අවුල් වන අවස්ථා දැකගත හැකිය.
වැදගත්ම කරුණ වන්නේ මෙවැනි ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර පැවතීමයි. මේ හේතු නිසාම පිරිමි පාර්ශවයට මතුවන ලිංගික ගැටළු හා ඒවා ඇතිවීමට බලපාන හේතු කීපයක් ඉදිරිපත් කරන්න අපි හිතුව.
පුරුෂ ලිංගය සෘජු නොවීම
මෙම තත්ත්වයේදී දක්නට ලැඛෙන ලක්ෂණය වන්නේ ලිංගික කටයුතු සඳහා පුරුෂ ලිංගය සෘජු නොවීමයි. මේ තත්ත්වය බොහෝ විට වයස්ගත වීමත් සමග ඇතිවන ගැටළුවක්. වාර්තාවන්ට අනුව 50-59 ත් අතර පිරිමින්ට 18-29 වයසේ පසුවන පිරිමින්ට වඩා මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ තුන් ගුණයක සම්බවිතාවක් පවතියි.
මේ සඳහා විවිධ වර්ගයේ පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවතුනත් ප්‍රතිකාර සඳහා යොමුවන ප්‍රතිශතය ඉතා අඩු අගයක පවතියි. මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවීම සඳහා බලපෑම් කළහැකි රෝගී තත්ත්වයන් තිබේ. උදාහරණයක් ලෙස ඔබ දියවැඩියාව, ආතතිය, කොලේස්ට්‍රෝල්, තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි.
ඒ වගේම අධික දුම් පානය, ව්‍යායාම අඩුකම හා විශේෂ ඛෙහෙත් වර්ග පාවිච්චියේදී ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බව පැවසේ.
ඔබේ සහකරුවන් හෝ ඔබ මෙවැනි තත්ත්වයකින් පීඩා විඳිනම් කළහැකි හොඳම දෙය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි. බොහෝවිට ඉහත සඳහන් කළ හේතු වලින් බැහැරවද මෙම තත්වය ඇතිවිය හැක. මේසඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම තිබේ. ටෙස්ටොස්ටරෝන් හෝමෝනය පිටතින් සැපයීම, එන්නත්, හෞතික චිකිත්සක ප්‍රතිකාර ඒ අතර වේ.
ක්ෂණික මෝචනය
ක්ෂණික මෝචනය වයස් බේදයකින් තොරව සිදුවන රෝගී තත්ත්වයකි. මේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව තවමත් හඳුනාගෙන නැතත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබේ. මේ නිසාම හොඳ විසඳුම වන්නේ ඔබ එවැනි ආකාරයේ රෝගී තත්ත්වකින් පෙළෙන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි.
ලිංගික කටයුතු සඳහා ආශාව අඩු වීම
සමාජයේ පවතින මතය වන්නේ පිරිමින් වයසට යාමත් සමග ලිංගික ආශාව ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් පෙන්වන බවයි. නමුත් ලෝකයේ විවිධ තැන්වල සිදු කල අධ්‍යනයන්ට අනුව වයස කෙසේ වෙතත් සෑම පිරිමියෙකුගේම ජීවිතයේ වැදගත්ම කොටසක් ලෙස ලිංගික කටයුතු හැඳින් වේ.
ටෙස්ටොස්ටරෝන් හෝමෝනයේ අඩුබව පිරිමියෙකුගේ ලිංගික ආශාව කෙරෙහි බලපෑම් කරයි. එසේම දියවැඩියාව, වකුගඩු රෝග, විශාදය, පාකින්සන් වැනි රෝග තත්ත්වයන් නිසාද පිරිමින්ගේ ලිංගික ආශාව අඩු විය හැක. මේනිසා හොඳම දෙය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි.
එසේම මේ සියලු ලිංගික ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව උපදේශන සේවා සඳහා යොමු වීමද වැදගත්ය. සාමාන්‍යයෙන් ගැහැනියකට වඩා පිරිමියෙකුට ලිංගික කටයුතු තම ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි. මේ ආකාරයේ ලිංගික ගැටළු නිසාම පිරිමින් අවදානම් විසඳුම් සඳහා යොමු වීමේ ඉඩ කඩක් පවතියි. මේ නිසා ඉතා ඉක්මනින් පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම අත්‍යවශ්‍යවේ.