මුදල් හා මුසුවී වේගයෙන් ගලායන නවදැනුම හා තාක්‍ෂණය අබියස මිනිස් අවශ්‍යතා පුළුල්වෙමින් පවතී.එනිසා අප කාගේත් බලාපොරොත්තු හා ඉලක්ක දිනෙන් දින වෙනස් වේ.ඒවා සපුරාගැනීම වෙනුවෙන් මිනිසා නිරන්තර තරගයක යෙදේ. මෙවන් අවස්ථාවල අප තුළ කිසියම් මානසික අසහනකාරී බවක්,පීඩනයක් ඇතිවේ.මානසික වියවුල්බවක් ඇතිවේ.මෙම සරල මානසික පීඩනය මනෝවිද්‍යාවේදී හදුන්වන්නේ ක්ලමථය නමිනි.මෙම ක්ලමථය මිනිසුන් අත්විදින ප්‍රමාණයේ හා කාලයේ තරමට සරල මානසික පීඩනයක සිට ප්‍රබල කම්පනයක් දක්වා වර්ධනය විය හැක.රොබට් ඒ බාරොන් ට අනුව ක්ලමථය යනු අප ජීවත්වන පරිසරය තුළින් ඇතිවී,අපගේ ශාරීරික හෝ මානසික ක්‍රියාකාරිත්වයට අවදානමක් හෝ බිදවැටීමක් ගෙන දෙන සිදුවීම් අවස්ථාවලට අප විසින් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියයි.නවීන මනෝවිද්‍යා පරේෂකයින් පවසන පරිදි ක්ලමථය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් මානසික පීඩනයකි.එය තමන් තුළම පවත්නා හෝ පරිසරයේ පවත්නා පීඩාකාරී තත්වයන් පුද්ගලයාගේ කායික හා මානසික තත්වයන් කෙරෙහි බලපෑමේ ක්‍රියාවලිය ලෙසද හැදින්විය හැක.ජීව විද්‍යාත්මක ප්‍රවේශයට අනුව(Biological Approach)ශරීරයේ ක්‍රියාකාරිත්වය ඉහළ යවන ශාරීරික තත්වය ක්ලමථයයි.කිසියම් කාර්යක් කිරීමට උත්තේජනයක් ජනනය කිරීමට සමත් ක්ලමථ තත්වයන් පැවතීම ප්‍රයෝජනවත් බව ඔවූහු අදහස් කරති.කෙසේ වෙතත් කිසියම් අනතුරක් වටහා ගත් විටක ස්නායු පද්ධතිය,අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය ක්‍රියාත්මක වී ආක්‍රමණිකයාට පහරදීමට හෝ ඉන් පලායාමට පෙළඹෙන ආකාරයෙන්ම ක්ලමථයට ද ප්‍රතිචාර දැක්වීමට පටන්ගනී.මෙය පහරදීමේ හෝ පළායාමේ ප්‍රතිචාරය (Fight or plight responce)යනුවෙන් හැදින්වේ. දිගුකාලීන පරේෂණයකින් පසු හෑන්ස් සෙල්යේ ජීවියා ක්ලමථයට ප්‍රතිචාර දක්වන ආකාරය දැක්වීමට සාමාන්‍ය අනුගතවීමේ සහලක්‍ෂණය නමින් ආකෘතියක් ඉදිරිපත් කළේය.එයින් ක්ලමථය සදහා අප ශරීරය අවසථා තුනකදී තුන් ආකාරයට ප්‍රතිචාර දක්වනබව පෙන්වාදෙනු ලැබීය.
උපුටා ගැනීම: විකිපිඩියා නිදහස් විශ්ව කෝෂය

 
No comments:
Post a Comment