Sunday, October 18, 2015

ලිංගික හැකියාව වැඩි කරන ක්‍රම 9 ක්

ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක එත් ඔබ නිදි යහනෙදි හොද සහකරුවෙක්ද?  එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද?
මෙන්න එයට ක්‍රම 9ක්ම

1 හදවත නිරෝගිම්වත්ව තබාගන්න


ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුදිර පීඩනය බලපාන බව සිගරට් උරන්නන්ගේ ලින්ගික ශක්තිය අඩු වන්නේ එ හේතුව නිසයි
මන්ද ඔවුන්ගේ රුදිර පීඩනය අක්‍රමවත්ය?එ බැවින් නිරෝගිමත් හදවත් ඇතිවීම ලින්ගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ

2 ක්‍රියාශිලී සිටීම

ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලින්ගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද
ඔබ ක්‍රියාශීලී විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ
මේ සද්දා ඔබ දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්

දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ

3 ආහාර පාලනය

ඔනැම දෙයක්දී කැම ප්‍රධාන් තැනක් ගන්නවා

සුදු ළුණු කෙසෙල් චොකලට් රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලින්ගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ

4 පීඩනයෙන් තොර වන්න 


ඔබ නිතරම  පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේ
මන්ද ඔබ පීඩනයෙන් ඉන්නෙක්නම් ඔබේ ලින්ගික ශක්තිය අඩුවිය හැක
මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එමගින් ඔබ ලින්ගිකත්වයට ඇති ආශාව අඩු විය හැක

5 නරක පුරුදු අත් හරින්න

ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්න එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න

මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුදිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලින්ගික හැකියාවන් අඩු කරනු ලබයි

6 සූර්‍රය ශක්තිය

ඔබ විවේකිව ඉන්න මොහොතක සූර්‍රිය රශ්මිය අත් විදින්න

එයින් ඔබේ සිරුර නිරෝගීකර ඔබේ සෛල වර්ධනය කරනු ඇත

7 පුරුදු වෙන්න

ඔබ සහකාරිය/සහකරු සමග ලින්ගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න?එයට හොදම දේ ස්වියන්වින්දනයයි
එක එක ආකාරයට ස්වියන්වින්දනයේ යෙදෙන්න
ඉතා දිගු වේලාවක් ශුක්‍රාණු පිට නොකර ඉන්න එය උදව් වේවි

එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි

8 හොද සවන් දෙන්නෙක් වන්න

අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයි
සමහරක් අවස්ථාවලදි ඔබේ සහකාරිය සහරක් ලින්ගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇත
ඇයට සවන් දෙන්න
ඇයත් එක්ක සුහදව ලින්ගිකව එක් වන්න
ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න

9 උපදෙස් ගන්න

පළපුරුදු විශ්වාසි අයගෙන් උපදෙස් ගන්න



කන්‍යා පටලය පිලිබදව ඔබ නොදත් සියලුම දේ

කන්‍යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක්‌ පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. පළලින් කුඩා පටලයක්‌ ආකාරයට මලක පෙති හැඩයට, සිදුරු සහිතව හෝ සිදුරු රහිත සම්පූර්ණ පටලයක්‌ ලෙස නොයෙකුත් ආකාරයෙන් කන්‍යා පටලය යෝනි මාර්ගයේ පිහිටා තිබිය හැකිය.
කන්‍යා පටලයෙන් යෝනි මාර්ගයට විශේෂ කාර්යයක්‌ ඉටුනොවේ. නමුත් කාන්තාවන්ගේ මාසික ඔසප් වීමකදී යෝනි මාර්ගයේ සිට පිටතට රුධිරය ගලායන්නේ කන්‍යා පටලයේ සිදුරු හරහාය. 




යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී යන ලෙස  කන්‍යා පටලය ඇතැම් කාන්තාවන්ගේ පැවතිය හැකිය. මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි අවස්‌ථාවකි. මෙවැනි කාන්තාවන්ගේ මාස්‌ ශුද්ධියේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය ගලා නොයයි. එවැනි අවස්‌ථාවකදී ඇයගේ කන්‍යා පටලය සුළු සැත්කමකට ලක්‌කළ යුතුය. මෙම තත්ත්වය හඳුනාගත හැක්‌කේ වැඩිවියට පත්වූ යුවතියන්ගේ ඔසප් වීමේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය පිටවීමක්‌ සිදු නොවීමෙනි.



කන්‍යාපටලය බිඳීයැම



පළමු එක්‌වීමේදී කන්‍යා පටලය බිඳී ගියද රුධිරය පිටවීමක්‌ සිදු නොවිය හැකිය. එවැනි කාන්තාවෝ 20% ක්‌ පමණ සිටිති.



කාන්තාවන්ගේ කන්‍යා පටලය නැතිවීම හෝ ඝනවීමට වයස හෝ ක්‍රීඩා කටයුතුවල නිරත වීම බලපාන්නේ නැත. එය ඇයගේ උපතින් ඇතිවන දෙයකි.



අධික වේදනාව



පිවිතුරු බව තීරණය කරන සාධකයක්‌ ලෙස කන්‍යා පටලය සමාජයේ මුල් බැස පැවතීම නිසා බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු පළමු එක්‌වීම කෙරෙහි දක්‌වන්නේ අනියත බියකි.



මෙම බිය නිසා ඇතිවන දැඩි මානසික පීඩනය හේතුවෙන් ලිංගික එක්‌වීමකදී ඉහිල් විය යුතු යෝනි මාර්ගයේ මාංශ පේශි එසේ නොවී දැඩි ලෙස තද වීමකට ලක්‌වේ.



මෙම තත්ත්වය නිසා අඹුසැමි යුවලට නිසි ලෙස ලිංගිකව එක්‌වීමට නොහැකිවේ. යෝනි මාර්ගයේ මාංශ පේශි තදවීම නිසා යම් වේදනාවක්‌ මතුවේ. එය කන්‍යා පටලය බිඳීයැමේදී යෑයි ඇතැම් දෙනා වැරැදි මත පතුරුවාහරිති.



පිවිතුරුබව



ඇතැම් කාන්තාවන් විවාහයට පෙර තම සහකරුවා සමග යෝනි මාර්ගයේ ලිංගික කටයුතු වල නොයෙදී දෙපාවල කලවා අතර ලිංගික කටයුතුවල යෙදෙති. මෙය අනාරක්‍ෂිත ලිංගික හැසිරීමකි. ඉන් ගැබ් ගැනීමක්‌ මෙන්ම ලිංගික රෝග බෝවීමේ අවදානමක්‌ද පවතී.



මෙවැනි කාන්තාවන්ගේ කන්‍යා පටලයට හානි සිදුවීමක්‌ නොවුනද ගැබ් ගැනීමක්‌ හෝ ලිංගික රෝගයක්‌ ඇතිවිය හැකි නිසා පිවිතුරු බව සම්බන්ධව ඇති සමාජයේ සම්මත ආකල්පය අභියෝගයට ලක්‌වේ.



ලිංගික ගැටලූ පිළිබද විශේෂඥ වෛද්‍ය

ලසන්ත මලවිගේ  

Friday, October 16, 2015

විශ්වාස කරනවනම් විශ්වාස කරන්න, වතුරට කරන්න පුලුවන් විජ්ජා 7ක් තියෙනවා


වතුර කෙට්ටු වීමට බෙහෙතකි.
(Laureen Middley/Iconica)
ඔබත් බර අඩුකිරීමට උත්සාහ කරනවාද? ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩි කර, වතුර ඊට උදව් වේවි. ඒ වගේම වතුර නිසා බඩ පිරී නිතරම ඇතිවන බඩගින්න නැති වේවි. ශක්තිජනක වෙනත් බීම වෙනුවට වතුර ආදේශ කර සිරුරට එකතු වන කැලරි ප්‍රමාණය අඩු කරගන්න. ඒ වාගේම කෑම වේලකට පෙර වතුර වීදුරුවක් ගත්තොත්
බඩ ඉක්මනින් පිරී ගන්නා ආහාර ප්‍රමාණය අඩු වේවි.
වතුර වැඩිපුර ගත් විට පරිවෘත්තීය පද්ධතියද වැඩියෙන් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම බිවූ වතුර සීතල නම් වතුර ප්‍රශස්ත මට්ටමට රත් කර ගැනීමට තවත් කැලරි ටිකක් වැඩියෙන් දහනය කිරීමට සිදුවේ.

වතුර ඔබේ ජවශක්තිය වැඩි කරයි.
(Veronique Beranger/Self-Photos)
ඔබ ඈලි, මෑලි දුබල ගතියකින් පෙලෙන්නේ නම්, ගන්න වතුර වීදුරුවක්. එය හොඳම ශක්තිජනක පානයකි. විජලනයයි ඔබ බොහෝ ලෙස තෙහෙට්ටු බව දැනීමට හේතුව.
ලේ මගින් ඔක්සිජන් මෙන්ම අනික් අත්‍යාවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ප්‍රවාහනයට වතුර උදව් කරයි.
ඔබ අවශ්‍ය තරම් වතුර ගන්නේ නම් හදවතටත් එතරම් වෙහෙසකින් තොරව ක්‍රියා කර සිරුර පුරා ලේ විහිදුවා හැරිය හැක.
මානසික ආතතිය අඩු කිරීමට - වතුර
මිනිස් මොළය 85%ක කොටසක් ජලය යි. ඔබ විජලනයෙන් පසු වන විට සිරුරත්, මනසත් ආතතියට ලක්වී පවතී.
ඔබට තිබහක් දැනෙනවිටදී ඇත්තටම ඔබ සුලු වශයෙන් විජලන තත්වයක පසුවෙයි.
එනිසා ආතතිය අඩු කිරීමට මේසය මත වතුර වීදුරුවක් තියා ගෙන උගුරු කිහිපයක් නිතරම බොන්න.
(Patrick Giardino/Image Bank)
නියම මාංශ පේශි වර්ධනයට ජලය අත්‍යාවශ්‍යයි
වතුර බීම පේශි කෙණ්ඩා පෙරළීම වලක්වන අතරම හන්දි ස්නේහන ස්‍රාවය මගින් හොඳින් ලිස්සා යෑමට සලස්වයි.
වතුර බී යහපත් සජලන තත්වයකින් සිටින විට ඔබට වඩාත් දිගු වේලාවක් හොඳින් වෙහෙසී ව්‍යායාම කිරීමට හැකි වෙයි.
(John Shotwell/Stone)
ජලය සම පෝෂණය කරයි.
හමේ රැළි වැටීම වඩාත් වැඩියෙන් විජලනය වූ අවස්ථා වලදී පෙනේ.
වතුර බොන විට සජලනය වූ සමේ සෛල, මහත් වී ඔබේ මුහුණට වඩාත් තරුණ පෙනුමක් ලබාදෙයි. ස්වභාව ධර්මයා විසින් නිපදවන ලද හොඳම සම රැක ගැනීමේ ආලේපනය ජලයයි.
ඒ වගේම සමේ ඇති අපවිත්‍රතාවන් ඉවත් කර, සමේ රුධිර පරිවහනය වැඩිකර මුහුණට පිරිසිඳු, පැහැපත්, දීප්තිමත් බවක් ලබා දෙයි.
වතුර බොන්න, මල බද්ධයෙන් වලකින්න.
තන්තු සහිත ආහාර අනුභවය හැරුණු විට මල බද්ධය වැලක්වීමට එලෙසම වැදගත් වන්නේ වතුර වැඩිපුර බීමයි. වතුර ආහාරවල බහිස්‍රාවීය අතුරුඵල දියකර ආහාර මාර්ගය දිගේ පහසුවෙන් යෑමට සලස්වයි.
විජලන අවස්ථාවකදී සිරුර සියලු වතුර අවශෝෂණය කර, මහා අන්ත්‍රය වියළී මල බැහැර කිරීම අපහසු කරයි.
(Ethan Welty/Aurora)
වතුර මුත්‍රා ගල් අඩු කරයි.
ප්‍රමාණවත්ව ජලය පානය නොකිරීම නිසා, ළමයින්ට පවා වේදනාකාරී මුත්‍රා ගල් ඇති වීමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතී.
මුත්‍ර ගල් සෑදීමට හේතුවන මුත්‍ර වල ඇති ඛණිජ හා ළවණ ද්‍රව්‍ය, වතුර මගින් තනුක කරනු ලැබේ.
මුත්‍ර ගල් තනුක මුත්‍ර වල සෑදීමට ඉඩ නැති නිසා, වතුර බීමෙන් මුත්‍ර ගල් අඩුකරගන්න.
ඔබ ප්‍රමාණවත් තරම් වතුර බොනවාද?
(Charly Franklin/Taxi)
සාමාන්‍යයෙන් දවසකට වතුර වීදුරු 8ක් පමණ බීමට සුදුසු බව පෝෂණවේදීන්ගේ පොදු මතයයි.
ඔබ ව්‍යායාම කරනවා නම් හෝ දැඩි දහඩියට ලක්වන්නේනම් මීට වැඩි වතුර ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. ඔබ වෙනත් බීම නිතර පානය කරන්නේ නම් වතුර අඩු ප්‍රමාණයක් ඇතිවේ.

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page

හිස කෙස් වලට වෙන හානි වලක්වා ගන්න අත් බෙහෙතක්


හිසකෙස්වල ස්වභාවය අනුව අපට හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට යම් යම් උපදෙස් අනුගමනය කළ හැකියි.
හිසකෙස්වල ස්වභාවය අනුව බිත්තර සුදුමදය හෝ කහමදය ගල්වන්නට පුළුවන්. තෙල් අධික කෙස් කලබක් නම් බිත්තර සුදුමදය ද වියළි කෙස් කලඹක් නම් බිත්තර කහමදය ද සාමාන්‍ය කෙස් කලඩක් නම් බිත්තරයක් සම්පූර්ණයෙන් වුවද භාවිත කළ හැකියි.

උළුහාල් තම්බාගත් වතුර කෝප්පයක් ගෙන එය නිවෙන්නට හැර බිත්තර කලවම්කර හිස්කබලේ සිට කොණ්ඩය අග
දක්වාම හොඳින් ආලේපකර විනාඩි හතළිස් පහක් යනතුරු තබා මඳ රස්නය වතුරෙන් හිස්කබල හොඳින් සෝදන්න. එවිට කොණ්ඩයේ රෝගී ස්වභාවය මඟහරවා ගත හැකියි.
* කරපිංචා කොළ මිටක්, උළුහාල් ටිකක් රත්මල් සමඟ දමා උතුරවා එය පැයක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු මෙයට දෙහි ස්වල්පයක් එකතු කරන්න. තෙල් අධික සහ ඉස්හොරි පැතිරී ඇති හිසකට මෙය ගැල්වීමෙන් එම තත්ත්වය මඟහැරී යයි.
ඉතා අධික ලෙස වියළි බවක් දක්වන කෙස් කලඹකට කෝමාරිකා සාරය, බිත්තර කහමදය සහ පොල්කිරි ස්වල්පයක් එකට එකතුකර හිසකෙස්වල ආලේපකර පැයක පමණ කාලයක් සිට මඳ රස්නය ඇති වතුරෙන් හිසකෙස් සෝදන්න. මෙය සතියකට දෙවරක් කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත්කරගත හැකියි.
* ඉස්හොරි මඟ හරවා ගන්නට -
නිවෙසේදීම සකසාගත හැකි අත් බෙහෙත්වලින් හිසකෙස්වලට අහිතකර බලපෑමක් නොවන අයුරින් ඉස්හොරි ඉවත්කර ගන්නට පුළුවනි. මේ සඳහා අතින් පොඩි කරගත් තක්කාලි හිස්කබලට දමා පිරිමැද විනාඩි විස්සක් තබා සෝදා හරින්න.
* කොහොඹ දලු අඹරා එයට පොල්කිරි ටිකක් දමා හිස්කබලේ තවරා හොඳින් පිරිමැද විනාඩි 10 ක් පමණ තබා සෝදා හරින්න.
* වියළි නෙල්ලි මිටක් ගෙන රැයක් වතුරේ පෙඟෙන්නට දමා තබා උදේට තම්බා සියක්කා තේ හැඳි කාලක් දමා හිස සෝදන්න.
* කෙස් කලඹ වියළි නම් පොල්කිරි ස්වල්පයක් හිසට දමා හොඳින් පිරිමදින්න.
* හෙනාපැක් එක ද ඉස්හොරිවලට සුදුසු ප්‍රතිකාරයක්. මීකිරි, බිත්තර සුදුමද සමඟින් කළවම්කර එය හිස ගල්වා විනාඩි 10 ක් පමණ තබා සෝදා ඉවත් කරන්න.

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page

කරදරකාර හිසරදයට නියම අත් බෙහෙත


හිසරදය කියන්නේ වසංගත රෝගයක් තරමටම කරදරකාරී ආබාධයක්.
වා, පිත්, සෙම් ආදී නොයෙකුත් හේතූන් නිසා නිතර ඇති වන හිසරදයට පෙති වර්ග භාවිතය හොඳ දෙයක් නොවේ. පිළියෙල කර ගැනීම කරදර වුණත් උදරයට සෞම්‍ය සිංහල බෙහෙත් නම් හිසරදයට කදිම සුවයකි. ආයුර්වේදී වෛද්‍ය ශාස්ත්‍රයට අනුව යොදා ගත හැකි මේ අත් බෙහෙත් වර්ගයන් ඔබත් අත්හදා බලන්න. සුවය අත්දුටුවයි
ප්‍රත්‍යක්ෂයි.

වාතය නිසා ඇතිවන හිසරදය
ශරීරය හකුළුවන තද ශීතලකින් යුක්ත වේ. මේ එම හිසරදයට අත් බෙහෙතකි.
තල සහ කැකුළු හාල් ගෙන පොල් කිරි මුසුකර කිරිබතක් පිස ගන්න. පසුව එය පොට්ටනි බැඳ තවන්න.
කරල් ගැබ ඇට ගෙන බැඳ චූර්ණකර තලතෙල් සමඟ මිශ්‍රකර නස්න කරන්න.
ආඩතෝඩ මුල්, සුදු ලූනු, නික කොළ ගෙන සියල්ලෙහිම යුෂ පෙරා ගන්න. පසුව එයට අමු ඉඟුරු, සහිඳ ලුණු කල්ක කොට තලතෙල් සිඳුවා පෙරා නස්න කිරීම මැනවි.
තිප්පිලි, කොට්ටං, සතකුප්ප, මහනෙල් අල, සුදු හඳුන් සමව ගෙන තලතෙල් සහ කුකුළු මාංස රසයද එක්කර පදමට කකාරා නස්න කරනු. එම බෙහෙත අඹරා පැලැස්තර දැමීමද වාත හිස රුදාවට අගනේය.
පිතෙන් හට ගන්නා හිසරදය
මෙහිදී හිස උණුසුම් වේ. ඇස්වල දැවිල්ල හටගනී. මේ අත් බෙහෙත් කිහිපය පිතෙන් හටගන්නා ඒ හිසරදයටය.
සඳුන්, සුවඳ හොට, හෙල් මැලි ගෙන හිස වටා ආලේප කරනු. වැල්මී වැනි පැණි රස ද්‍රව්‍යයන්ගෙන් හිස නස්න කිරීමද මැනවි.
බැබිල, කටුවැල් බටු, තගරම් සුවඳ කොට, වැල්මී, මානෙල් අල, සුදු හඳුන් සමව ගෙන එළකිරෙන් අඹරා නළලට පැලැස්තර දමනු.
කුරුඳු පොතු සහ කොල්ලන් කොළ ගෙන හොඳින් අඹරා හාල්පානු වතුරෙන් දියකර නස්න කරවනු.
සීනි, මුද්‍රස්පලම්, වැල්මී ගෙන හොඳින් අඹරා එළඟි තෙලෙන් කකාරා නස්න කරනු.
දිය බෙරලිය, කෝමාරිකා, දියමිත්ත, නෙල්ලි සමව ගෙන සුවදැල් අල යුෂ භාවිතයෙන් අඹරා තන කිරි පතක් ගෙන එයට මුසුකර හිස ගල්වනු.
සෙම නිසා ඇතිවන හිසරුදාව
හිස ශීතලව බර ගතියක් දැනෙයි. ඇස් බැමි රිදෙන්නට ගනියි. ඒ සියල්ලෙන් මිදෙන්නටයි මේ අත්බෙහෙත්.
සතකුප්ප, එරලු මුල්, වද, තගරම්, කටුවැල් බටු ගෙඩි ගෙන සියල්ල හොඳින් අඹරා තලතෙල් මිශ්‍රකොට කකාරා නස්න කරනු.
රසකිඳ, වැල්මී, කපා කොටා කළං 5ක් මැන ගන්න. මුං ඇට කළං 1, අමු ඉඟුරු කළං 3 බැගින් ද ගෙන සියල්ල එකට එක්කර පත 8 - 1ට සිඳුවා බීමට ගන්න.
සන්නිපාත හිසරුදාව
රෝග ලක්ෂණ සෙමෙන් ඇතිවන හිසරුදාවෙහි රෝග ලක්ෂණවලට සමානය. මේ අත් බෙහෙත් සන්නිපාත හිසරුදාවටය.
හිසට එළඟි තෙල් දැමීම යහපත්ය. පරණ වූ ගිතෙල් පෙවීමෙන්ද හිසරදය සමනය වේ.
අමු ඉඟුරු, දළුව මුල්, බෙලි මුල් යන දෑ කළං 4 බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳුවා සහිඳ ලුණු දමා උදෑසනම බීමට ගන්න. සුවය ප්‍රත්‍යක්ෂය.
ඉරුවාරදය ද හිසරදයකි
ඉරුවාරදයට සහනය දෙන අත්බෙහෙත් කිහිපයක් මෙන්න.
දියමිත්ත මුල් ඇල් දියෙන් උරච්චිකර නස්න කරනු.
තිප්පිලි, ගම්මිරිස්, ලොක් සුඹුළු, ගල්මද ඇල් දියෙන් අඹරා නස්න කිරීම මැනවි.
ඉරමුසු, නෙල්ලි, බෙලි කොළ, වැල්මී, නෙලුම් කොළ, සියඹලා බොර යන දෑ සම සමව ගෙන තල තෙලෙන් අඹරා හිස ගල්වනු.
සඳුන්, මානෙල් ඇට, වැල්මී, කොට්ටං, අමු ඉඟුරු යන සියල්ල සම සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා නළලට දමනු.
පෙරුංකායම්, වලඟසාල්, වැල්මී කොට්ටං, අමු ඉඟුරු සමව ගෙන ගිතෙල්, මී පැණි එක්කර අඹරා බින්දු හයක් නස්න කිරීම මැනවි.
සීනි, කොකුම්, එළඟිතෙල් සියල්ල සමව ගෙන අඹරා මඳක් උණුසුම්කර නස්න කරනු. ඉරුවාරදයට සහනය දේ.
වදකහ, මා වී කුඩු, අමු ඉඟුරු, වේලා කොළ සමව ගෙන ඇල්දියෙන් අඹරා නළලට දැමීම මැනවි.
සියඹලා ඇඹුල්, අමු ඉඟුරු, සීනි සමව ගෙන හාල්පානු දියෙන් අඹරා එයින්ම දියකර නස්න කරනු.
වැල්මී, මීපුප්, වලඟසාල්, අමු ඉඟුරු සියල්ල සමව ගෙන අඹරා කීකිරිඳිය යුෂ එළඟිතෙල් සමඟ කකාරා බින්දු හයක් සමඟ නස්න කිරීම මැනවි.

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page

නිර්මාංෂ අයගේ ලිංගික ශක්තිය ඉතා ඉහලයි


Vegetarian diet improve sex life මිනිසුන් තමන්ගේ ජීවිතය හැම අතින්ම තෘප්තිමත් මට්ටමකට ගෙන එන්නට නොගන්නා උත්සාහයක් නැත. විශේෂයෙන්ම ලිංගික ජීවිතය ගැන ඔවුහු වැඩි අවධානයක් යොමු කරන අවධියකට දැන් ළඟා වී සිටිති.
මිනිසාගේ ලිංගික ක්රිවයාකාරකම් සහ නිර්මාංශ ආහාර පුරුද්ද අතර සම්බන්ධතාවක් ගැන විද්යාfඥයෝ පිරිසක් පර්යේෂණයක නියැළුණ හ. ඔවුන් කියන විදියට වඩාත් හොඳ ලිංගික ජීවිතයක් තිබෙන්නේ නිර්මාංශ ආහාර පුරුද්දට හුරුවුණු අයටයි. ශාකමය ද්රවව්ය. වැඩිපුර ආහාරයට ගත්විට එයින් ශරීරයේ හෝර්මෝනවලට බලපෑමක් ඇති වේ.

ලිංගික ක්රිශයාකාරකම් සඳහා හේතුවන හෝර්මෝන මට්ටම ඉහළ නැංවීමට ශාකමය ආහාර හේතුවන බව විද්යාඇඥයෝ පවසති. මෙසේ ඉහළ යන්නේ ෆයිටෝඊස්ට්ර ජන් නමැති හෝර්මෝනය යි. මේ හෝර්මෝනයේ ප්රෝමාණය ඉතා ඉහළ මට්ටමක තිබෙන්නේ මිනිසා හැරුණු විට සෙසු පිරටම මේටාවන් තුළයි.
උගන්ඩාව නිජබිම කරගත් රතු වානර විශේෂ තුළ ෆයිටෝඊස්ට්රිජන් හෝර්මෝනය වැඩි ප්රහමාණයක් තිබෙන බව අනාවරණය වී ඇත. මාස 11 ක් පුරා උගන්ඩා රතු වානරයන්ගේ ආහාර චර්යාව පිළිබඳ අවධානය යොමු කරමින් උගන්ඩාවේ කිබාලේ ජාතික වනෝද්යාරනය පුරා සැරිසරන්නට විද්යාළඥයන්ට සිදුවිය. මේ වානරයන් තම සහකරුවන් හෝ සහකාරියන් සමඟ සංසර්ගයේ යෙදෙන ආකාරය, යෙදෙන වාර ගණන, මෙන්ම ඔවුන් ගැටුම් ඇතිකරගන්නා ආකාරය සහ වාර ගණන ගැනත් තොරතුරු එකතු කෙරිණි. වානරයන්ගේ ශරීරවල තිබෙන හෝර්මෝන ප්රගමාණයන්, ඒවායේ වෙනස්වී යෑමත් සම්බන්ධයෙන් දත්ත ලබා ගන්නට පුළුවන් වුණේ වානරයන් ගේ මළ සාම්පල පරීක්ෂාම කර බැලීමෙනි. එවිට විද්යායඥයන්ට දකින්නට ලැබුණේ වානරයන් තුළ ෆයිටොඊස්ට්ර ජන් වැඩිවන්නේ ඔවුන් වැඩිපුර ශාකමය ද්ර්ව්ය ආහාරයට ගැනීමෙන් බවයි. වැඩි වශයෙන් ඔවුන් කෑමට ගෙන තිබුණේ සෝයා බෝංචි ශාකයට සමාන ශාකයක කොටස් ය.
ඊස්ට්රටජන්වලට සමාන රසායනික සමූහයක් සහිත රසායනිකයක් ඒවායෙහි අඩංගුව තිබෙන බව පැහැදිලි විණි. ඔවුන්ගේ ශරීර තුළට ලිංගික කටයුතුවලට හේතුවන හෝර්මෝනත්, මානසික ආතතිය පාලනය කරන හෝර්මෝනත් වැඩිපුර ලැබී තිබිණි. මේ වෙනස්කම ප්රවජනන කටයුතු සඳහා හිතකර ආකාරයෙන් බලපා ඇති බව ද පෙනී ගියේ ය.
යම් යම් ක්රුම උපයෝගී කරගෙන වානරයන්ගේ මේ හෝර්මෝන මට්ටම නියමිත ප්රලමාණයට වඩා අඩු වැඩි කරමින් විද්යා්ඥයෝ තොරතුරු රැස් කළහ. එවිට තම සහකරුවන් හෝ සහකාරියන් කෙරෙහි වානරයන් දැක්වූයේ කලින් දැක්වූවාට වඩා වෙනස්ම ආකාරයේ චර්යාවකි. බොහෝවිට තම සහකරුවන් හෝ සහකාරියන් සමඟ ආරවුල් ඇතිකරගන්නට වානරයෝ පෙලඹුණහ. මේ අනුව හෝර්මෝනය ලිංගික කටයුතු සඳහා අවශ්යක බවත්, එය නියමිත මට්මින් පවත්වාගෙන යෑම වැදගත් බවත් තහවුරු කරගන්න විද්යාඳඥයන්ට අපහසු වූයේ නැත.
අනෙක් අතට හෝර්මෝනය වානරයන්ගේ ශරීරවලට පහසුවෙන්ම ලැබෙන මඟක් විද්යාඳඥයෝ අනාවරණය කරගත්හ. පර්යේෂණය සිදුකළ කැලිෆෝනියා විශ්වවිද්යාගලයේ විද්යා්ර්ථයෝ ‘හෝර්මෝන්ස් ඇන්ඩ් බිහේවියර් ජර්නලයෙහි මෙසේ පළ කළහ. “මිනිස් ශරීරය තුළ හෝර්මෝන මට්ටම සහ මිනිසාගේ සමාජීය චර්යාව වෙනස් කිරීමෙන් මිනිසාගේ ප්රසජනන කටයුතුත්, සෞඛ්යහයත් කිසියම් විදියකින් වෙනස් කරන්නට පුළුවන්. මේ කටයුත්තේ දී ශාක ලොකු කාර්යයක් ඉටු කරනවා. මිනිසාට සමීප සෙසු පිරයම්මේටාවන් තුළ වගේම මිනිසා තුළත් මේ වෙනස ඇතිවෙනවා...” මේ අනුව පර්යේෂකයන් පැහැදිලිව කියා සිටින්නේ ලිංගික කටයුතුත්, ප්රාජානන කටයුතුත්, පුද්ගල සෞඛ්ය යත් යහපත් මට්ටමක පවත්වාගෙන යන්නට නිර්මාංශ ආහාර පුරුද්ද ඉතා වැදගත් බවයි.
මේ පර්යේණයෙන් ලද ප්රනතිඵලවලට සමානම කතාවක් කියන්නට සත්ත්ව අයිතිවාසිකම් සම්බන්ධ ආයතනයක් දැන් ඉදිරිපත් වී සිටී. මේ ආයතනය පෙටා යනුවෙන් හැඳින්වෙන එකකි. ඔවුන් කියන්නේ කුමන ආකාරයෙන් හෝ පලතුරු සහ එළවළු පමණක් වැඩිපුර අනුභව කිරීම පුරුෂ ශක්තිය වැඩීමට හේතුවන බවයි. මේ සංවිධානය පෙන්වා දෙන්නේ මස්, මාළු, බිත්තර, කිරි ආහාර ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය නැංවීමට හේතුවන බවකි. එයින් රුධිර සංසරණ වේගය පහළ වැටේ. එවිට ශරීර අවයවවලට බලපෑමක් ඇති වේ. එය ලිංගික ජීවිතයට බලපාන බව එහි නිලධාරීහු පෙන්වා දෙති.
බිත්තර, මස්, සහ කිරි ආශිර මාත ආහාරවල අඩංගුවන්නාක් මෙන්, එළවළු පලතුරු සහිත ආහාර වල සත්ත්ව මේදය හෝ කොලෙස්ටරෝල් අඩංගු නැත. මේ නිසා මිනිසාට ශරීරයේ උසට සරිලන ලෙස බර පවත්වා ගැනීමට පහසුවේ. ශරීරයේ හැඩයක් යෝග්යුතාවත් නිසි ලෙස තබා ගන්නට අපහසුවක් ඇතිවන්නේ නැත.
අනෙක් අතට ලෙඩ රෝගවලින් තොරව සිරුර පවත්වාගෙන යාමටත් ශාකමය ආහාර හේතු වේ. දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා, ස්ථුලතාව මඩින්නට ශාකමය ආහාර තරම් සුදුසු අන් කිසිවක් නැත.
පෙටා සංවිධානයේ බ්රි තාන්යා අධ්ය ක්ෂ මිමි බෙකචි කියන්නේ මාංශභක්ෂාණයට හුරුවුණු අයගේ ලිංගික ඹ්ෂතය, ආදරය යනා දී දේ අතෘප්තිකර මට්ටමකින් ගෙවී යන බවයි.
එහෙත් නිර්මාංශ ජීවිතයට හුරුවුණු අය ආදර සම්බන්ධතා, ලිංගික ජීවිතය මෙන්ම සෞඛ්යයය ද තෘප්තිමත් මට්ටමකින් පවත්වාගෙන යති. එතැන ඇත්තේ සතුටයි. තෘප්තිමත් ජීවිතයකට සතුට භුක්ති විඳින්නට හැකි නම් මිනිසුන්ට එතරම් ධනයක් තවත් කොහෙ ද? සතුට සහ තෘප්තියම යළිත් නිරෝගී ජීවිතයකට මඟ පාදයි. ගතට සිතට සවිය ගෙනෙන වඩාත් සුවපහසු, සැනසිලිදායක දිවියකට හුරුවනවා මිස අනෙකක් ගැන තවත් සිතිය හැකි ද?

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page

කුරුලෑ වලට ඔබ කිසි දිනක නොසිතන ආකාරයෙ නියම අත් බෙහෙතක්


කුරුලෑ කියන්නේ තරුණ වයසේ ඉන්න ඕනෑම කෙල්ලෙක් කොල්ලෙක් මුණ දෙන ප්‍රශ්නයක්.
නමුත් සමහරුන්ට මේ ප්‍රශ්නෙ දැඩිව බලපානව අපි දැකල තියනවා. අපි හැමෝම කැමති නෑ කුරුලෑ වලින් අපේ මුහුණ අවලස්සන වෙනවට. එහෙනම් ඊට අදාළ ප්‍රතිකාර ගැන ඔබ දැනුවත්ව සිටීම වැදගත්.
බොහෝවිට අපි කෘත්‍රිම ආලේපන භාවිතයටනේ පුරුදු වී සිටින්නේ. නමුත් එවැනි ආලේපන වලින් ඇති
වන අහිතකර ප්‍රතිපල බොහොමයක් තියනවා. එම ආලේපන වෙනුවට සමට හිතකර දේශීය ශාකසාරවලින් පිරි ඖෂධයක් ඔබේ අතින්ම සාදා ගන්න පුලුවන්නම් ඒක වටිනවා. මේ එවැනි ආලේපනයක් සාදාගන්න ආකරයයි.
මේ සඳහා අවශ්‍ය වන්නේ
* වෙනිවැල්ගැට හෝ කහ කැබැල්ලක් නැත්නම් වෙනිවැල්ගැට කුඩු හෝ කහ කුඩු ස්වල්පයක්
* උතුරා ගන්නා ලද ජලය
* දෙහි කැබැල්ලක්
පළමුව වෙනිවැල්ගැට හෝ කහ කැබැල්ලක් ගෙන හොඳින් සෝදා වතුරට දමා හොඳින්තම්බා ගන්න. පසුව එම වතුර නිවෙන්නට හැර මඳ රස්නයෙන් මුහුණ සෝදා හරින්න.මෙහිදී වෙනිවැල්ගැට වෙනුවට වෙනිවැල් කුඩු ද කහ කැබැල්ල වෙනුවට කහ කුඩු දඋතුරා ගන්නා ලද ජලයට මිශ්‍රකර සාදා ගත් ඖෂධීය දියරයෙන් ද ඔබට මුහුණ සෝදා ගතහැකියි. වෙනිවැල් ගැට කුඩු හා කහ කුඩු ආයුර්වේද ඖෂධ විකුණන ස්ථානයකින් ලබාගත යුතුයි.
මෙම ඖෂධීය දියරය භාවිතයට ගැනීමට පෙර ඊට දෙහි බිංදු කීපයක් මිශ්‍ර කිරීමටමතක තබාගන්න. මේ ආකාරයට සාදා ගන්නා ලද ඖෂධීය දියරයෙන් දවසට තෙවරක් මුහුණසෝදනවා නම් මුහුණේ ඇතිවී තිබෙන කුරුලෑ ලප කැළැල් ඉතාමත් ඉක්මනින් ඉවත්කරගැනීමට ඔබට හැකියාව ඇත.
මෙම ඖෂධීය දියරය භාවිත කළ හැකිවන්නේ මුහුණ සෝදා පිරිසුදු කිරීමට පමණයි.ඒත් මුහුණෙහි ආලේප කළ හැකි ආයුර්වේද ආලේපන වර්ගයන් ද මේ ආකාරයටම නිවෙසේදීම පිළියෙළ කරගත හැකියි.
ඒ සඳහා අවශ්‍ය වන්නේ
* සුදු හඳුන් කුඩු * වෙනිවැල්ගැට කුඩු
* කොහොඹ කොළ ඉස්ම * කෝමාරිකා මදයේ ඉස්ම
සුදු හඳුන් කුඩු හා වෙනිවැල්ගැට කුඩු සිංහල ආයුර්වේද ඔසු සලකින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගත හැකියි.
පළමුව සුදු හඳුන් හා වෙනිවැල්ගැට කුඩු ස්වල්පයක් ගෙන ඊට කොහොඹ කොළ ඉස්මසුළු ප්‍රමාණයක් එකතු කරන්න. කොහොඹ කොළ ඉස්ම ඉතාමත් දියාරුවට සාදාගත් ඉස්මවිය යුතු බව මතක තබාගන්න. මෙම ද්‍රව්‍ය සියල්ල හොඳින් ඊට කෝමාරිකා මදයේඉස්ම ස්වල්පයකුත් එකතු කරන්න. පසුව මෙම මිශ්‍රණය පේස්ට් එකක් ආකාරයට සාදාමුහුණේ ආලේප කළ හැකියි. මෙය මුහුණේ ආලේප කිරීම පිළිබඳත් ඔබට යමක් සඳහන් කළයුතුයි. ඔබ භාවිත කරන අනෙකුත් ආලේපන සේ මෙම ආලේපනය දිනපතා මුහුණේ ආලේපකිරීම යම් විටක ඔබේ සමට අහිතකර වන්නට පුළුවන්. එම නිසා වඩාත් සුදුසු වෙන්නේසතියකට වතාවක් මෙම ආලේපනය මුහුණෙහි ආලේප කිරීමයි.
වෙනිවැල්ගැට සුදුහඳුන් වලට අමතරව දේශීය ඖෂධීය ශාකයක් වන නික මල්භාවිතයෙන් ද සමෙහි ඇතිවන ලප කැළැල් ඉවත්කර ගත හැකියි. නික මල් ස්වල්පයක්ගෙන පිරිසුදු ඇල් දියට දමා සෝදා පසුව ඇල් දියෙන් නික මල් ස්වල්පය සියුම්වඅඹරා මුහුණෙහි ආලේප කරන්න.
ඊට අමතරව පිටවක්කා නමින් හඳුන්වන දේශීය ඖෂධීය ශාකය භාවිතයෙනුත් මේ ආකාරයටම ආයුර්වේද ආලේපනයක් සාදා මුහුණේ ආලේප කළ හැකියි.
ඊට අවශ්‍ය වන්නේ
* පිටවක්කා කොළ
* සේලයින් වතුර හෝ පිරිසුදු වතුර
පිටවක්කා කොළ කිහිපයක් ගෙන ඊට සේලයින් වතුර හෝ පිරිසුදු වතුර ස්වල්පයක්එකතු කරන්න. පසුව එම ද්‍රව්‍ය අඹරා දියාරු ආලේපනයක් ආකාරයට සාදා මුහුණේගල්වා ගන්න.

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page

අත් යට කලු වීම කියන්නෙ ගොඩක් කාන්තාවන් මුහුන දෙන ප්‍රශ්නයක්


අත් නිරාවරණයවන පරිදි ඇඳුමක් ඇඳීමටත් එය බාධාවක්. තමන්ගේ අත යට එනම් කිහිල්ල ප්‍රදේශය එතරම් පැහැපත් නොමැති කම හේතුවෙන් බොහෝ යුවතියන් අත් නිරාවරණයවන ලෙස ඇඳුම් අඳින්න අකමැත්තක් දක්වනවා.
නමුත් අත් යට කළු පැහැ ගැන්වී ඇත්නම් ඊට හොඳම ප්‍රතිකාරයක් අපට නිවසේදීම ඉතා සරළව කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍යය දේවල් සොයාගැනීමත් ඒ තරම් අපහසු නෑ.
පිරිසිදු භාජනයක් ගෙන කහ කුඩු තේ හැඳි 1ක් , කඩල පිටි තේහැඳි 3ක්, දෙහි ගෙඩි භාගයක යුෂ, පොල්කිරි
තේහැඳි 2ක් සහ යෝගට් තේ හැඳි 2ක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. එය වැඩි දියාරු නොමැති ආලේපකල හැකි පල්පයක් ආකාරයෙන් විය යුතුය.
අත් යට ප්‍රදේශය හොදින් පිරිසිදුකර මෙම ආලේපනය හොඳින් ආලේප කරන්න. විනාඩි 10ක්-15ක් තබා සෝදා හරින්න. සතියට දෙවතාවක්වත් මෙම ප්‍රතිකාරය කිරීම ඉතා වැදගත් වේ. ඔබ බලාපොරොත්තු නොවූවාටත් වඩා ඉතා ඉක්මනින් ඔබේ අත් යට පැහැපත් වේවි. එක් දිනක් පාවිච්චියෙන් පසු පල්පය ඉතිරි වේ නම් එය ආවරණය කර ශීතකරණයේ තබා නැවත පාවිච්චිකල හැකිය.
මතක තබා ගත යුතු කරුණු
1. වෙලඳ දැන්වීම් වලට රැවටී කිසි විටෙක කිහිළි ප්‍රදේශයේ පිළිකා කාරක deodorant-roll on තැවරීමෙන් වළකින්න. අවශ්‍යම නම් පමණක් deodorant body spray එකක් පාවිච්චි කරන්න.
2.රෝම ඉවත් කිරීමට රේසරය භාවිතා කිරීම හැකි පමණ අවම කරන්න. මෙමගින් කිහිළි ප්‍රදේශයේ සියුම් සම සීරීමෙන් අවපැහැ ගැන්වීම වේගවත් වේ. රෝම ඉවත් කිරීමට ladies trimmer එකක් පාවිච්චි කරන්න.
3.රේසරය භාවිතා කරන්නේ නම් අනිවාර්යයෙන්ම shaving cream/ gel හොඳින් තැවරීමෙන් පසුව (කිසි විටක සබන් භාවිතයෙන් වලකින්න ) තද කිරීමෙන් තොරව ඉතාම මෘදුව සැහැල්ලුවෙන් රෝම වැවී ඇති දිශාවටම පමණක්, රේසරය ගෙන යන්න.එකම තැන දෙපාරක් රේසරය ඇතිල්ලීමෙන් වලකින්න. සේදීමෙන් පසුව දැවිල්ලක් ඇති වේ නම් සමට හානි වී ඇත.සතියකට දෙවතාවකට වඩා shave කිරීමෙන් වලකින්න.සෑම මසකටම වරක් අලුත් රේසරයක් භාවිතා කරන්න.
ඔබේ හිතේ හැටියට ලස්සන විලාසිතාවල ඇඳුම් ඇඳීමේ හැකියාව ඉක්මනින්ම ඔබට ලැබේවි.
උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page

මතක ශක්තිය වැඩි කර ගන්න ඕන නම් මේව කන්න


මතක ශක්තිය වඩවා ගැනීමට සහ මානසික ඒකාග්‍රතාවය සඳහා සුදුසු ආයුර්වේදයේ සඳහන් වන ඔසු අතර ලුනුවිල හා තල යන ඖෂධ ප්‍රධාන තැනක් ගනී. තවද නිවිති සහ ගොටුකොල ද ආහාරයට එක් කර ගැනීමෙන් මතක ශක්තිය වඩවා ගත හැකි බව සඳහන් වේ.
ලුනුවිල
වගුරු බිම් ආශ්‍රිතව කරදිය හෝ මිරිදිය ජලාශ ආශ්‍රිතව වැඩෙන ලුනුවිල ශාකය ගෙවතු වලද ගෘහ අලංකරණය පිණිස පෝච්චියක හෝ ජලය ඇති ස්ථානයක වවාගත හැක.

ඖෂධීය ගුණ
තික්ත රසයකින් යුක්ත වන ලුනුවිල ආයුර්වේදයේ සඳහන් වන තුන් දොසින් වා, සෙම් නසන අතර පිත් වැඩීමේ ගුණයකින් යුක්ත වේ.
මේධය ගුණය හෙවත් මතක ශක්තිය (ධාරණ ශක්තිය ) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි. මානසික දුර්වලතා, උන්මාද, ශීර්ෂ අභිඝාත ඇති යට ලුනුවිල ප්‍රධාන ඖෂධය නියම කර ඇත.
තල
තල යනු ඉතා ප්‍රණීත ආහරයක් බව ඔබ කව්රුත් දන්නා කරුණකි. මෙය ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමයේ රෝග සමනය සඳහා ඖෂධ වලට අමතරව ආහාරයක් වශයෙන්ද භාවිත කරයි. තල ප්‍රධාන වශයෙන් ප්‍රභේද 3කින් යුක්ත වේ. කළු තල, සුදු තල, රතු තල වශයෙනි. ඖෂධ වලට භාවිත කරනුයේ කළු තල ය.
ඖෂධීය ගුණ
ශරීරය පෘෂ්ටිමත් කරයි. ශක්තිය වර්ධනය කරයි. ආයුර්වේදයට අනුව සෑම තෙලක්ම සාදා ගැනීමට භාවිත කරන්නේ තල තෙල්ය.
එමෙන්ම මතක ශක්තිය (ධාරණ ශක්තිය) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි.
නිවිති
ලංකාවේ ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන වැලකි. හිරු එලිය හොඳින් වැටෙන කුඩා බිම් කොටසක හෝ පොච්චියක වුවද වග කර ගත හැකිය.
ඖෂධීය ගුණ
රක්තහීනතාවයට ගුණ දෙන ඉහල අගයකින් යුතු යකඩ අඩංගු ප්‍රධානතම ආහාරය නිවිති වේ.
එමෙන්ම මතක ශක්තිය (ධාරණ ශක්තිය) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි.
ගොටුකොළ
දිය සීරාව ඇති මෘදු පසෙහි යටි වගාවක් ලෙස වගා කල හැක. ගෙවත්තේ හෝ පෝච්චියක වුවද වග කර ගත හැකිය.
ඖෂධීය ගුණ
තික්ත රසයෙන් යුක්ත වුවද රසායනික ගුණය අධික නිසා ශාරීරික ශක්තිය හා බලය වර්ධනය වේ.
මතක ශක්තිය (ධාරණ ශක්තිය) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි.
තිප්පිලි, වෙල්මුඩ, වියළි ඉඟුරු සමානව ගෙන චූර්ණ කොට කළඳ බැගින් මී පැණි මිශ්‍ර කොට භාවිත කරනු.

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page