Friday, October 16, 2015

මතක ශක්තිය වැඩි කර ගන්න ඕන නම් මේව කන්න


මතක ශක්තිය වඩවා ගැනීමට සහ මානසික ඒකාග්‍රතාවය සඳහා සුදුසු ආයුර්වේදයේ සඳහන් වන ඔසු අතර ලුනුවිල හා තල යන ඖෂධ ප්‍රධාන තැනක් ගනී. තවද නිවිති සහ ගොටුකොල ද ආහාරයට එක් කර ගැනීමෙන් මතක ශක්තිය වඩවා ගත හැකි බව සඳහන් වේ.
ලුනුවිල
වගුරු බිම් ආශ්‍රිතව කරදිය හෝ මිරිදිය ජලාශ ආශ්‍රිතව වැඩෙන ලුනුවිල ශාකය ගෙවතු වලද ගෘහ අලංකරණය පිණිස පෝච්චියක හෝ ජලය ඇති ස්ථානයක වවාගත හැක.

ඖෂධීය ගුණ
තික්ත රසයකින් යුක්ත වන ලුනුවිල ආයුර්වේදයේ සඳහන් වන තුන් දොසින් වා, සෙම් නසන අතර පිත් වැඩීමේ ගුණයකින් යුක්ත වේ.
මේධය ගුණය හෙවත් මතක ශක්තිය (ධාරණ ශක්තිය ) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි. මානසික දුර්වලතා, උන්මාද, ශීර්ෂ අභිඝාත ඇති යට ලුනුවිල ප්‍රධාන ඖෂධය නියම කර ඇත.
තල
තල යනු ඉතා ප්‍රණීත ආහරයක් බව ඔබ කව්රුත් දන්නා කරුණකි. මෙය ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමයේ රෝග සමනය සඳහා ඖෂධ වලට අමතරව ආහාරයක් වශයෙන්ද භාවිත කරයි. තල ප්‍රධාන වශයෙන් ප්‍රභේද 3කින් යුක්ත වේ. කළු තල, සුදු තල, රතු තල වශයෙනි. ඖෂධ වලට භාවිත කරනුයේ කළු තල ය.
ඖෂධීය ගුණ
ශරීරය පෘෂ්ටිමත් කරයි. ශක්තිය වර්ධනය කරයි. ආයුර්වේදයට අනුව සෑම තෙලක්ම සාදා ගැනීමට භාවිත කරන්නේ තල තෙල්ය.
එමෙන්ම මතක ශක්තිය (ධාරණ ශක්තිය) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි.
නිවිති
ලංකාවේ ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන වැලකි. හිරු එලිය හොඳින් වැටෙන කුඩා බිම් කොටසක හෝ පොච්චියක වුවද වග කර ගත හැකිය.
ඖෂධීය ගුණ
රක්තහීනතාවයට ගුණ දෙන ඉහල අගයකින් යුතු යකඩ අඩංගු ප්‍රධානතම ආහාරය නිවිති වේ.
එමෙන්ම මතක ශක්තිය (ධාරණ ශක්තිය) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි.
ගොටුකොළ
දිය සීරාව ඇති මෘදු පසෙහි යටි වගාවක් ලෙස වගා කල හැක. ගෙවත්තේ හෝ පෝච්චියක වුවද වග කර ගත හැකිය.
ඖෂධීය ගුණ
තික්ත රසයෙන් යුක්ත වුවද රසායනික ගුණය අධික නිසා ශාරීරික ශක්තිය හා බලය වර්ධනය වේ.
මතක ශක්තිය (ධාරණ ශක්තිය) දියුණු කර හැකි දිව්‍ය ඖෂධයකි.
තිප්පිලි, වෙල්මුඩ, වියළි ඉඟුරු සමානව ගෙන චූර්ණ කොට කළඳ බැගින් මී පැණි මිශ්‍ර කොට භාවිත කරනු.

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page

No comments:

Post a Comment