හිසරදය කියන්නේ වසංගත රෝගයක් තරමටම කරදරකාරී ආබාධයක්.
වා, පිත්, සෙම් ආදී නොයෙකුත් හේතූන් නිසා නිතර ඇති වන හිසරදයට පෙති වර්ග භාවිතය හොඳ දෙයක් නොවේ. පිළියෙල කර ගැනීම කරදර වුණත් උදරයට සෞම්‍ය සිංහල බෙහෙත් නම් හිසරදයට කදිම සුවයකි. ආයුර්වේදී වෛද්‍ය ශාස්ත්‍රයට අනුව යොදා ගත හැකි මේ අත් බෙහෙත් වර්ගයන් ඔබත් අත්හදා බලන්න. සුවය අත්දුටුවයි
ප්‍රත්‍යක්ෂයි.

වාතය නිසා ඇතිවන හිසරදය
ශරීරය හකුළුවන තද ශීතලකින් යුක්ත වේ. මේ එම හිසරදයට අත් බෙහෙතකි.
තල සහ කැකුළු හාල් ගෙන පොල් කිරි මුසුකර කිරිබතක් පිස ගන්න. පසුව එය පොට්ටනි බැඳ තවන්න.
කරල් ගැබ ඇට ගෙන බැඳ චූර්ණකර තලතෙල් සමඟ මිශ්‍රකර නස්න කරන්න.
ආඩතෝඩ මුල්, සුදු ලූනු, නික කොළ ගෙන සියල්ලෙහිම යුෂ පෙරා ගන්න. පසුව එයට අමු ඉඟුරු, සහිඳ ලුණු කල්ක කොට තලතෙල් සිඳුවා පෙරා නස්න කිරීම මැනවි.
තිප්පිලි, කොට්ටං, සතකුප්ප, මහනෙල් අල, සුදු හඳුන් සමව ගෙන තලතෙල් සහ කුකුළු මාංස රසයද එක්කර පදමට කකාරා නස්න කරනු. එම බෙහෙත අඹරා පැලැස්තර දැමීමද වාත හිස රුදාවට අගනේය.

පිතෙන් හට ගන්නා හිසරදය
මෙහිදී හිස උණුසුම් වේ. ඇස්වල දැවිල්ල හටගනී. මේ අත් බෙහෙත් කිහිපය පිතෙන් හටගන්නා ඒ හිසරදයටය.
සඳුන්, සුවඳ හොට, හෙල් මැලි ගෙන හිස වටා ආලේප කරනු. වැල්මී වැනි පැණි රස ද්‍රව්‍යයන්ගෙන් හිස නස්න කිරීමද මැනවි.
බැබිල, කටුවැල් බටු, තගරම් සුවඳ කොට, වැල්මී, මානෙල් අල, සුදු හඳුන් සමව ගෙන එළකිරෙන් අඹරා නළලට පැලැස්තර දමනු.
කුරුඳු පොතු සහ කොල්ලන් කොළ ගෙන හොඳින් අඹරා හාල්පානු වතුරෙන් දියකර නස්න කරවනු.

සීනි, මුද්‍රස්පලම්, වැල්මී ගෙන හොඳින් අඹරා එළඟි තෙලෙන් කකාරා නස්න කරනු.
දිය බෙරලිය, කෝමාරිකා, දියමිත්ත, නෙල්ලි සමව ගෙන සුවදැල් අල යුෂ භාවිතයෙන් අඹරා තන කිරි පතක් ගෙන එයට මුසුකර හිස ගල්වනු.
සෙම නිසා ඇතිවන හිසරුදාව
හිස ශීතලව බර ගතියක් දැනෙයි. ඇස් බැමි රිදෙන්නට ගනියි. ඒ සියල්ලෙන් මිදෙන්නටයි මේ අත්බෙහෙත්.
සතකුප්ප, එරලු මුල්, වද, තගරම්, කටුවැල් බටු ගෙඩි ගෙන සියල්ල හොඳින් අඹරා තලතෙල් මිශ්‍රකොට කකාරා නස්න කරනු.
රසකිඳ, වැල්මී, කපා කොටා කළං 5ක් මැන ගන්න. මුං ඇට කළං 1, අමු ඉඟුරු කළං 3 බැගින් ද ගෙන සියල්ල එකට එක්කර පත 8 - 1ට සිඳුවා බීමට ගන්න.

සන්නිපාත හිසරුදාව
රෝග ලක්ෂණ සෙමෙන් ඇතිවන හිසරුදාවෙහි රෝග ලක්ෂණවලට සමානය. මේ අත් බෙහෙත් සන්නිපාත හිසරුදාවටය.
හිසට එළඟි තෙල් දැමීම යහපත්ය. පරණ වූ ගිතෙල් පෙවීමෙන්ද හිසරදය සමනය වේ.
අමු ඉඟුරු, දළුව මුල්, බෙලි මුල් යන දෑ කළං 4 බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳුවා සහිඳ ලුණු දමා උදෑසනම බීමට ගන්න. සුවය ප්‍රත්‍යක්ෂය.

ඉරුවාරදය ද හිසරදයකි
ඉරුවාරදයට සහනය දෙන අත්බෙහෙත් කිහිපයක් මෙන්න.
දියමිත්ත මුල් ඇල් දියෙන් උරච්චිකර නස්න කරනු.
තිප්පිලි, ගම්මිරිස්, ලොක් සුඹුළු, ගල්මද ඇල් දියෙන් අඹරා නස්න කිරීම මැනවි.
ඉරමුසු, නෙල්ලි, බෙලි කොළ, වැල්මී, නෙලුම් කොළ, සියඹලා බොර යන දෑ සම සමව ගෙන තල තෙලෙන් අඹරා හිස ගල්වනු.
සඳුන්, මානෙල් ඇට, වැල්මී, කොට්ටං, අමු ඉඟුරු යන සියල්ල සම සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා නළලට දමනු.
පෙරුංකායම්, වලඟසාල්, වැල්මී කොට්ටං, අමු ඉඟුරු සමව ගෙන ගිතෙල්, මී පැණි එක්කර අඹරා බින්දු හයක් නස්න කිරීම මැනවි.

සීනි, කොකුම්, එළඟිතෙල් සියල්ල සමව ගෙන අඹරා මඳක් උණුසුම්කර නස්න කරනු. ඉරුවාරදයට සහනය දේ.
වදකහ, මා වී කුඩු, අමු ඉඟුරු, වේලා කොළ සමව ගෙන ඇල්දියෙන් අඹරා නළලට දැමීම මැනවි.
සියඹලා ඇඹුල්, අමු ඉඟුරු, සීනි සමව ගෙන හාල්පානු දියෙන් අඹරා එයින්ම දියකර නස්න කරනු.
වැල්මී, මීපුප්, වලඟසාල්, අමු ඉඟුරු සියල්ල සමව ගෙන අඹරා කීකිරිඳිය යුෂ එළඟිතෙල් සමඟ කකාරා බින්දු හයක් සමඟ නස්න කිරීම මැනවි.

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page
 
No comments:
Post a Comment